spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“දේශපාලනඥයන්ගේ විනාශ වූ නිවාස තට්ටු දෙකට තුනට හදලා දෙන්න ඕනේ”

දේශපාලනඥයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ විනාශවූ සියලු නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නැවත ඉදිකර දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඔහු පවසන්නේ එසේ විනාශ කළ තනි තට්ටුවේ නිවාස තට්ටු දෙකටද තට්ටු දෙකේ නිවාස තට්ටු තුනටද නැවත ඉදිකළ යුතු බවයි.

ජනතා නියෝජිතයින් මරා දැමීම, ඔවුන්ගේ නිවාස ගිනි තැබීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව පවසන මන්ත්‍රීවරයා ම්ලේච්ඡ අදහස් දරන පිරිස් පාලනය කළ යුතු බවද කියා සිටී.

එවන් ප්‍රජාතන්තවාදී නොවන කටයුතු වලට බියේ ජීවත් වීමට වඩා මිය යාම හොඳ බවත් මෙවැනි වාතාවරණයක් පවතින්නේ නම් අනාගත පරපුර දේශපාලනයට නොපැමිණෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?