දේවස්ථානයේ තැබූ බෝම්බ තැබූ හිටපු වෛද්‍යවරයා රහස් රැසක් හෙළිකරයි

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ පුපුරායන ආකාරයට අත්බෝම්බයක් අටවා තැබීම සඳහා සැලසුම් කළේ තමා බව ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 75 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරයා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පිළිගෙන තිබෙනවා.

දැනට සටහන් කරගත් ප්‍රකාශවලින් හෙළිවී ඇත්තේ ඔහු එම දේවස්ථානය සමග ද්වේෂයකින් පසුවූ බවයි.

එමෙන්ම මීට පෙර නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට ඔහුගේ සම්බන්ධයක් ඇතැයි කියන කරුණ පිළිබඳවත් ඔහු හෙළිකර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 75 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරයා මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසයට වැදගත් තොරතුරු රැසක් හෙළිකර තිබේ.

ඔහුගෙන් දීර්ඝ ලෙස සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමන් සියලු සාන්තුවරුන්ගේ දෙවස්ථානයේදී 1974 වසරේදී බෞද්ධ කාන්තාවක් සමග විවාහ වූ බවයි. එහිදී තම බිරිඳ බෞද්ධවීම හේතුවෙන් එවකට දේවස්ථානයේ සිටි පූජකවරයා විසින් තමන්ට උදෑසන කාලයේදී විවාහ මංගල උත්සවයට අදාළ පූජාව ලබානොදීම නිසා තමන් සිත් තැවුලෙන් සිටි බවද සැකකරු පවසා තිබේ.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ, ඒ හේතුවෙන් අදාළ වෛද්‍යවරයා විසින් සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයට ඔහුගේ සගයා ලවා බෝම්බය තැබූ බවට පාපොච්චාරණය කළ බවයි.

සැකකරුගෙන් නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලකට බෝම්බය තැබීමේ සිද්ධිය පිළිබඳව ද පොලීසිය ප්‍රශ්න කර තිබුණා.

එහිදී ඔහු පවසා ඇත්තේ තම බිරිඳ දැඩිව රෝගීව සිටියදී කොම්පඤ්ඤවීදියේ පිහිටි පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට උත්සහ කළද ඇයව ඇතුළත් කරගැනීම එම රෝහල ප්‍රතික්ෂේප කළ බවයි.

අනතුරුව නාරාහේන්පිට බෝම්බය තැබූ පෞද්ගලික රෝහල මගින් අදාළ කාන්තාව ප්‍රතිකාර සඳහා ඇතුළත් කරගෙන ප්‍රතිකාර කළද ඇය එහිදී මියගොස් ඇති බව එහිදී අනාවරණය වී තිබේ.

එම රෝහල මගින් තම බිරිඳට හොඳින් ප්‍රතිකාර කිරීම නිසා රෝහලට ප්‍රසිද්ධියක් ලබාදීම වෙනුවෙන් සැකකරු බොරැල්ලේ දේවස්ථානයට බෝම්බය තැබූ තම සගයා ලවා එම රෝහලට ද බෝම්බය තැබූ බව සැකකරු සඳහන් කර ඇත.

ඒ වෙනුවෙන් අදාළ පුද්ගලයාට විටින්විට මුදල් ලබාදී ඇති බවද සැකකාර විශ්‍රාමික වෛද්‍යවරයා පවසා තිබේ.

එමෙන්ම ඔහු තම අතෙහි ඇඟිල්ලක මුද්දක් දමාගෙන සිට ඇති අතර සිය බිරිඳට වූ අසීමිත ආදාරය හේතුවෙන් එම මුද්දට බිරිඳගේ මිනී අළු දමා එය සකස් කර ඇති බවද ඔහු විසින් පොලීසිය හමුවේ පවසා තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46