දේවස්ථානයේ තැබූ බෝම්බ තැබූ හිටපු වෛද්‍යවරයා රහස් රැසක් හෙළිකරයි

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ පුපුරායන ආකාරයට අත්බෝම්බයක් අටවා තැබීම සඳහා සැලසුම් කළේ තමා බව ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 75 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරයා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පිළිගෙන තිබෙනවා.

දැනට සටහන් කරගත් ප්‍රකාශවලින් හෙළිවී ඇත්තේ ඔහු එම දේවස්ථානය සමග ද්වේෂයකින් පසුවූ බවයි.

එමෙන්ම මීට පෙර නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට ඔහුගේ සම්බන්ධයක් ඇතැයි කියන කරුණ පිළිබඳවත් ඔහු හෙළිකර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 75 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරයා මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසයට වැදගත් තොරතුරු රැසක් හෙළිකර තිබේ.

ඔහුගෙන් දීර්ඝ ලෙස සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමන් සියලු සාන්තුවරුන්ගේ දෙවස්ථානයේදී 1974 වසරේදී බෞද්ධ කාන්තාවක් සමග විවාහ වූ බවයි. එහිදී තම බිරිඳ බෞද්ධවීම හේතුවෙන් එවකට දේවස්ථානයේ සිටි පූජකවරයා විසින් තමන්ට උදෑසන කාලයේදී විවාහ මංගල උත්සවයට අදාළ පූජාව ලබානොදීම නිසා තමන් සිත් තැවුලෙන් සිටි බවද සැකකරු පවසා තිබේ.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ, ඒ හේතුවෙන් අදාළ වෛද්‍යවරයා විසින් සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයට ඔහුගේ සගයා ලවා බෝම්බය තැබූ බවට පාපොච්චාරණය කළ බවයි.

සැකකරුගෙන් නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලකට බෝම්බය තැබීමේ සිද්ධිය පිළිබඳව ද පොලීසිය ප්‍රශ්න කර තිබුණා.

එහිදී ඔහු පවසා ඇත්තේ තම බිරිඳ දැඩිව රෝගීව සිටියදී කොම්පඤ්ඤවීදියේ පිහිටි පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට උත්සහ කළද ඇයව ඇතුළත් කරගැනීම එම රෝහල ප්‍රතික්ෂේප කළ බවයි.

අනතුරුව නාරාහේන්පිට බෝම්බය තැබූ පෞද්ගලික රෝහල මගින් අදාළ කාන්තාව ප්‍රතිකාර සඳහා ඇතුළත් කරගෙන ප්‍රතිකාර කළද ඇය එහිදී මියගොස් ඇති බව එහිදී අනාවරණය වී තිබේ.

එම රෝහල මගින් තම බිරිඳට හොඳින් ප්‍රතිකාර කිරීම නිසා රෝහලට ප්‍රසිද්ධියක් ලබාදීම වෙනුවෙන් සැකකරු බොරැල්ලේ දේවස්ථානයට බෝම්බය තැබූ තම සගයා ලවා එම රෝහලට ද බෝම්බය තැබූ බව සැකකරු සඳහන් කර ඇත.

ඒ වෙනුවෙන් අදාළ පුද්ගලයාට විටින්විට මුදල් ලබාදී ඇති බවද සැකකාර විශ්‍රාමික වෛද්‍යවරයා පවසා තිබේ.

එමෙන්ම ඔහු තම අතෙහි ඇඟිල්ලක මුද්දක් දමාගෙන සිට ඇති අතර සිය බිරිඳට වූ අසීමිත ආදාරය හේතුවෙන් එම මුද්දට බිරිඳගේ මිනී අළු දමා එය සකස් කර ඇති බවද ඔහු විසින් පොලීසිය හමුවේ පවසා තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37