දේපළ ආරවුල විසඳා ගත් අරුම පුදුම නීතිය

දේපළ ආරවුලක් හේතුවෙන් කාන්තාවක් සහ ඇගේ නව යොවුන් වියේ දියණිය ඔවුන්ගේ ඥාතීන් විසින් තාප්පයකට තබා ගඩොලින් බැඳ දැමීමේ පුවතක් හයිද්‍රාබාද් වෙතින් වාර්තා වන බව පාකිස්තානයේ ARY ප්‍රවෘත්ති වාර්තා කරනවා.

ලැටිෆබාද් අංක 5 ප්‍රදේශයෙන් මෙම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වූ අතර සිර වී සිටි දෙදෙනා බේරා ගැනීම සඳහා තාප්පය කඩා දැමීමට පොලිසිය සහ අසල්වැසියන් කඩිනම් පියවර ගත්තා.

තම මස්සිනා වන සුහයිල්, ඔහුගේ පුතුන් සමඟ පැමිණ මෙම ක්‍රියාව සිදුකළ බව අදාළ කාන්තාව පසුව පවසා තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.