දෙහිවල වැටලීමකින් විදී ගණිකාවන් රොත්තක් පොලිස් දැලේ

දෙහිවල පොලිස් වසමේ දෙහිවල ප්‍රදේශයේ ඊයේ (10) රාත්‍රියේ සිදුකළ වැටලීමක දී විදී ගණිකා සේවයේ යෙදුණු සැකකාරියන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙම වැටලීමේ දී සැකකාරියන් 09 දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් අවුරුදු 26 ත් 51 ත් අතර වයස්වල පසුවන්නියන් බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් රත්මලාන, මහරගම, දෙහිවල සහ මොරටුව යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් දෙහිවල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර, දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.