දෙවැනි තරගයේ කාසියේ වාසිය ජැෆ්නාවරුන්ට

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට හිමි වුණා.

කින්ග්ස් නායක චරිත් අසලංක තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව මේ වනවිට ගෝල් මාර්වලස් හා ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම් දෙක අතර තරගය පල්ලෙකැලේ දී ආරම්භ කර තිබෙනවා.

පළමු ව ජැෆ්නාවරුන් වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක සමගින් පිටියට පැමිණියේ කුසල් මෙන්ඩිස් යි.

මේ වනවිට එක් පන්දුවාරයකුත් පන්දු දෙකක් අවසානයේ දී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 07ක් ලබා සිටිනවා.