දෙවැනි ටෙස්ට් තරගයට විශ්ව හා වෙල්ලාලගේ කැඳවයි

අනිද්දා (25) දින කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය සඳහා විශ්ව ප්‍රනාන්දු හා දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබෙනවා.

පෙර පැවති පළමු ටෙස්ට් තරගයේ වේග පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කළේ අසිත ප්‍රනාන්දු හා මිලාන් රත්නායක යි.

දඟ පන්දු යවන්නන් ලෙස ප්‍රභාත් ජයසූරිය සහ තරිඳු රත්නායක එක් ව සිටියා.