දෙව්මි විහංගා එක්දින කාන්තා ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරගයක දී කඩුලු 05ක් දවාගත් පස්වැනි පන්දු යවන්නිය බවට දෙව්මි විහංගා අද (09) දිනයේ දී පත් වුණා.

ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ දී පන්දුවෙන් දස්කම් දක්වමින්.

තරගය අද පෙරවරු 10ට ආරම්භ වූයේ කාසියේ වාසිය නායිකා චමරි අතපත්තුට හිමිකර දෙමින්.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව සිය ප්‍රතිවාදීන්ට ලබාදීමටයි.

මේ වනවිට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 101ක් ලබා සිටින්නේ 22 වැනි පන්දු වාරය ක්‍රියාත්මක කරමින්.

දෙව්මි විහංගා තමන් ක්‍රියාත්මක කළ පන්දුවාර 07 තුළ ලකුණු 22ක් පමණක් ලබා දෙමින් කඩුලු 05ම බිඳ දැමීමට සමත් වුණා.

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මේ දිනවල තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම වේලාසනින් ම ඉන්දියාව සමග අවසන් සටනට ද සුදුසුකම් ලබා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39