දෙවන T20 තරඟයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 132ක්.

ශිකර් ධවාන් ලකුණු 40යි. පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුලු 2ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මිනෝද් භානුක ලකුණු 36යි. ඊට හතරේ පහර හතරක් ඇතුලත්. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 11ක් සහ වනිඳු හසරංග ලකුණු 15ක් ලබාගත්තා.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 40ක් ලබාගත්තේ පන්දු 34කින්.  ඒ එක් හයේ පහරක් සහ හතරේ පහරක් ද සමගින්.

චාමික කරුණාරත්න නොදැවී ලකුණු 12යි.

මෙම විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කළේ ඉන්දීය කණ්ඩායමයි.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය හෙට (29) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව තරගාවලියේ ජයග්‍රහණය සඳහා හෙට පැවැත්වෙන අවසන් තරගය දෙරටටම තීරණාත්මක තරගයක් වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ ඉරාජ් - අම්මෝ..ඩෝබිලා හරි ආසයි මේවට..නාමල් විපක්ෂ නායකද ?
02:02
Video thumbnail
"ප්‍රසන්න රණවීර එක්කත් සෙල්ෆි ගන්න පොරකන මිනිස්සු"
00:12