spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද – බංගලි පිළට දෙවන ඉනිමට ආරාධනා නොකළ හේතුව

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

තරගයේ තුන්වන දිනය වන ඊයේ (01) දිනට තරගය නතර කරන විට දෙවන ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකාව කඩුලු 06ක් දැවී ලකුණු 102ක් රැස්කරගෙන සිටියා.

ඒ, අනුව ශ්‍රී ලංකාව මේ වනවිට ලකුණු 455ක් ඉදිරියෙන් සිටිනවා.

තරගයේ සිව්වන දිනයවන අද (02) දිනයේ දී පන්දුයවන්නන්ට තණතීරුවේ වැඩි සහායක් හිමිවනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් සඳහන් කළේ.

මේ අතර පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලකුණු 531ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර, ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශයට සිය පළමු ඉනිමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 178ක් පමණයි.

ඒ, අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 353ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කළා.

කෙසේ වෙතත් එවැනි ලකුණු සංඛ්‍යාවකින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිය දී බංග්ලාදේශයට දෙවන ඉනිමට ආරාධනා නොකර ශ්‍රී ලංකාව දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට තීරණය කිරීම පිළිබඳව බොහෝ ප්‍රේක්ෂකයින්ට ප්‍රශ්නයක්ව පැවතියා.

මීට පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ඊයේ සවස පැවති මාධ්‍ය හමුවේ දී පැවසුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට විවේකයක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
10
+1
60
+1
8
+1
4
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?