දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද – බංගලි පිළට දෙවන ඉනිමට ආරාධනා නොකළ හේතුව

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

තරගයේ තුන්වන දිනය වන ඊයේ (01) දිනට තරගය නතර කරන විට දෙවන ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකාව කඩුලු 06ක් දැවී ලකුණු 102ක් රැස්කරගෙන සිටියා.

ඒ, අනුව ශ්‍රී ලංකාව මේ වනවිට ලකුණු 455ක් ඉදිරියෙන් සිටිනවා.

තරගයේ සිව්වන දිනයවන අද (02) දිනයේ දී පන්දුයවන්නන්ට තණතීරුවේ වැඩි සහායක් හිමිවනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් සඳහන් කළේ.

මේ අතර පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලකුණු 531ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර, ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශයට සිය පළමු ඉනිමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 178ක් පමණයි.

ඒ, අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 353ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කළා.

කෙසේ වෙතත් එවැනි ලකුණු සංඛ්‍යාවකින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිය දී බංග්ලාදේශයට දෙවන ඉනිමට ආරාධනා නොකර ශ්‍රී ලංකාව දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට තීරණය කිරීම පිළිබඳව බොහෝ ප්‍රේක්ෂකයින්ට ප්‍රශ්නයක්ව පැවතියා.

මීට පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ඊයේ සවස පැවති මාධ්‍ය හමුවේ දී පැවසුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට විවේකයක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14