දෙරට සඳහාම තීරණාත්මක සංචාරයක් නිමකරමින් ට්‍රම්ප් චීනයෙන් පිටව යයි

තෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සංචාරය අවසන් කරමින් අද (15) පස්වරුවේ බෙයිජිං නගරයෙන් පිටත්ව ගියා.

ඊට පෙර බෙයිජිං නුවර, Zhongnanhai හිදී චීන-ඇමරිකානු නායකයින් තවත් කෙළි පිළිසඳරකට ද එක්ව තිබෙනවා.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙවර සංචාරය ඓතිහාසික හා සන්ධිස්ථානීය සංචාරයක් බවත්, දෙපාර්ශ්වයම එක්ව චීන-ඇමරිකානු සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවර සබඳතා සඳහා එහිදී නව ස්ථානගත කිරීමක් නිර්වචනය කර ඇති බවත් ෂී ජින් පිං එහිදී පෙන්වා දී ඇති ආවයි වර්තා වන්නේ.

ස්ථාවර ආර්ථික හා වෙළඳ සබඳතා පවත්වා ගැනීම,විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික සහයෝගීතා පුළුල් කිරීම සහ එකිනෙකා සැලකිලිමත් විය යුතු ගැටලු නිසි ලෙස විසඳීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම වැදගත් එකඟතාවකට පැමිණි බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, ජාත්‍යන්තර හා කලාපීය කරුණු සම්බන්ධයෙන් සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම කැමැත්ත පළ බවත් චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

මෙම සංචාරය අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනයට, අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කිරීමට සහ දෙරට ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇතැයි ෂී ජින් පිං වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

තම චීන සංචාරය ඉතා සාර්ථක,ලෝක ප්‍රසිද්ධ සහ අමතක නොවන එකක් බව ට්‍රම්ප් මෙහිදී සඳහන් කර තිබෙනවා.

සිය සංචාරය තුළ දෙපාර්ශ්වය වැදගත් එකඟතා මාලාවකට සහ ගිවිසුම් ගණනාවකට එළඹුණු බවත්, බොහෝ ගැටලු ඒ ඔස්සේ විසඳා ගත් බවත් එය දෙරටටම සහ ලෝකයටම මහත් ප්‍රතිලාභයක් බවත් ට්‍රම්ප් සඳහන් කළා.

එමෙන්ම ෂී ජින් පිං තම පැරණි මිතුරෙකු බව පැවසූ ට්‍රම්ප්, තමා ඔහුට බෙහෙවින් ගරු කරන බවත්, දෙදෙනා අතර යහපත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බවත් පවසා සිටියා.

තවද, ඇමරිකානු-චීන සබඳතා ඉතා වැදගත් බවත් එය නිසැකවම යහපත් අතට හැරෙනු ඇති බවත් පෙන්වා ජනපති ට්‍රම්ප්, ෂී ජින් පිං සමග අවංක හා ගැඹුරු සන්නිවේදනයක් අඛණ්ඩව පවත්වා ගැනීමට කැමැත්තෙන් සිටින බවත්, වොෂින්ටන්හි දී ඔහුව පිළිගැනීමට බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34