දෙදරු මව දූෂණයකර සිරුරට ගිනි තියලා – සැකකරු පළා ගිහින්

දරුවන් දෙදෙනෙකුගේ මවක් දූෂණය කිරීමෙන් අනතුරුව පහර දී ඇයගේ සිරුරට ගිනි තැබූ පුවතක් ඉන්දියාවේ රාජස්ථානයේ බාර්මර් දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

පසුගිය බ්‍රහස්පතින්දා මෙම සිදුවීම සිදුව ඇති අතර, මෙම කාන්තාව තනිව සිටින අවස්ථාවක නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයෙක් ඇයව දූෂණය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරුව කාන්තාවට පහර දී ඇයගේ ශරීරයට ගිනිතබා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

කාන්තාවගේ කෑගැසීම ඇසී අසල්වාසීන් එම ස්ථානයට රැස් වූ අවස්ථාවේ දී සැකකරු කාන්තාවට ගිනි තබා එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි හෙළිව ඇත්තේ.

පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාව බල්මෝරා හි රජයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර, පසුව ඇය ජෝද්පූර්හි උසස් වෛද්‍ය ආයතනයකට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ සිද්ධියට සම්බන්ධ සැකකරු ෂකුර් ඛාන් නමැති අයෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු මේ වනවිට සැඟව සිටින බවයි වාර්තා වන්නේ.

සැකකරු, කාන්තාව පදිංචිව සිටි ප්‍රදේශයේ ම අයෙක් බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40