දෙදරු මවකට පොල්ලකින් පහර දී ඝාතනය කරලා

පොල්ලකින් පහර දී කාන්තාවක් ඝාතනය කළ බව කියන සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය පවසනවා.

අද (19) පෙරවරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ මාදම්පේ – සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක්.

ඇය මුදල් පොළියට ලබාදීම වෘත්තීය ලෙස සිදුකර ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

පහර කෑමෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි කාන්තාව එම අවස්ථාවේදීම මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඇය මිය ගොස් සිටි බවයි වාර්තා වන්නේ.

ඝාතනය සිදු කළ සැකකරු හඳුනාගෙන ඇති බව පොලීසිය සදහන් කරන අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන්වන මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39