දෙකෝටියකට වැඩි ස්වර්ණාභරණ සමඟ ව්‍යාපාරිකයින් දෙදෙනෙක් ගුවන්තොටේ දී අල්ලයි (ඡායාරූප)

ව්‍යාපාරිකයන් දෙදෙනෙක් විසින් ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එමින් සිටිය දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

මෙලෙස සොයාගත් ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් පමණ වන බවයි වාර්තා වන්නේ.

ස්වර්ණාභරණ තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයන් දෙදෙනෙක්.

මොවුන් නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් විදේශ රටවලින් භාණ්ඩ රැගෙන විත් අලෙවි කරන බවටයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනා ඊයේ (10) අලුයම 02.20ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට, ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සැකකරුවන් විසින් ගමන් මළු තුළ මෙම කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 780ක් බරැති ස්වර්ණාභරණ තොගය සඟවා රැගෙන ගෙන විත් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් ස්වර්ණාභරණ තොගය වැඩිදුරට විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30