දූෂිත ක්‍රිකට් පරිපාලනය එලවා දමන්න සජිත්ගෙන් යෝජනාවක්

වත්මන් ක්‍රිකට් පරිපාලනය එලවා දැමීමට මෙරට ව්‍යවස්ථාදායක, විධායකයට සහ අධිකරණයට එක්වන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජනාවක් කර තිබෙනවා.

අද පෙරවරු 09 ට ඇරඹි දූෂිත ක්‍රිකට් පරිපාලනය ඉවත් කරමු යන මැයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙමින් තිබෙන විවාදයට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ.

එමෙන්ම විපක්ෂ නායකවරයා වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඇතැම් තීරණ සම්බන්ධයෙන් සිය ඇගයීම ද පළ කළා.