දූෂණය පිටුදැකීමට ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවර ජපාන තානාපති අගයයි (ඡායාරූප)

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය නිතැතින්ම හිමිවන බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි සඳහන් කළා.

වැඩවසම් සමාජයක සිට නවීන රාජ්‍යයක් දක්වා ජපානය පැමිණි ගමන් මඟ පිළිබඳ සහ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝග අතර පවතින සමානත්වය පෙන්වා දුන් තානාපතිවරයා ජපානය යළි නැගී සිටීමේදී පෙන්නුම් කළ ඔරොත්තු දීමේ හැකියාව ශ්‍රී ලංකාවට ආදර්ශයක් බව ද සඳහන් කර සිටියා.

ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි මේ බව සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාව ජපානයෙන් උගත යුතු ආර්ථික සංවර්ධනය හා නවීකරණය පිළිබඳ පාඩම්” යන මැයෙන් “Geopolitical Cartographer” ජාත්‍යන්තර පර්යේෂණ පදනම විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) දින කොළඹ ග්‍රැන්බෙල් හෝටලයේ දී සංවිධානය කර තිබු විද්වත් කතිකාවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

“ජපානයේ නවීකරණය තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ පාලනය සඳහා උගත යුතු පාඩම්” යන මැයෙන් සිය ප්‍රධාන දේශනය සිදු කළ තානාපතිවරයා ජපානයේ ඉතිහාසය තුළින් පෙන්වා දෙන අභියෝග ජයගැනීම, නූතන වෙනස්වීම් සඳහා අනුගතවීම සහ ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කිරීම ආදී අත්දැකීම් විස්තර කළා.

“Geopolitical Cartographer” යනු ඉන්දියන් සාගරය පිළිබඳ විශේෂිත අවධානයක් යොමු කරනු ලබන ජාත්‍යන්තර පර්යේෂණ පදනමක් වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි නිර්මාතෘවරයා වෙයි.

ගෝලීය දේශපාලන පිළිවෙළ ප්‍රතිනිර්මාණය කරනු ලබන ඉන්දියන් සාගරය, පැසිෆික් සාගරය සහ ඒ හා සම්බන්ධිත රාජ්‍යයන්හි භූ දේශපාලනික, භූ ආර්ථික සහ සමුද්‍රීය කටයුතු වර්ධනයන් පිළිබඳ අධ්‍යයනය කිරීම, පර්යේෂණ සහ විශ්ලේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම “Geopolitical Cartographer” හි අරමුණයි.

මෙහිදී සිය දේශනය පවත්වමින් දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයට ජාත්‍යන්තර වශයෙන් මුහුණ දීමට සිදු අභියෝගකාරී තත්ත්වය පිළිබඳ සිහිපත් කළ තානාපතිවරයා සමස්ත ලෝකයම ජපානයට එරෙහිව නැගී සිටියදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එදා සැන්ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවට සහභාගී වූ දිවංගත හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සිදු කළ ප්‍රකාශය නිසා පශ්චාත් යුධ සමය තුළ ජපානයට නැවත ජාතයන්තර ප්‍රජාවට ඒකාබද්ධ වීමට මාර්ගය සකසා දුන් බව කෘතවේදීව සිහිපත් කළා. එලෙස හිමිවූ අවස්ථාව ජපානය සිය රටේ ප්‍රතිස්ංස්කරණ සහ ආර්ථික ප්‍රගතියක් අත්කර ගැනීම වෙනුවෙන් භාවිතා කළ බව ද ඔහු සඳහන් කළේය.

එදා සිට අද දක්වාම ජපානය සහ ශ්‍රී ලංකාව අතර සමීප සබඳතාවක් පවතින බවත් වර්තමානයේ දෙරටේ නායකයින් දෙපළ අතර එම සබඳතා තවදුරටත් වැඩිදියුණු කරගනිමින් සමීපව පවත්වාගෙන යනු ලබන බවත් ජපාන තානාපතිවරයා සඳහන් කර සිටියා.

වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන යටතේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා කැප වී සිටින ශ්‍රී ලංකාවට, ජපානය ආදර්ශයට ගනිමින් මෙම අභියෝග රටේ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා භාවිතා කළ හැකි බව ද සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා ජපානයේ මෙන් තරගකාරී කර්මාන්ත ගොඩනැගීමේ වැදගත්කම පෙන්වා දුන් තානාපතිවරයා තරගකාරී අපනයන කර්මාන්ත බිහි කිරීම සඳහා කාර්මික ප්‍රතිපත්ති සැකසීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවත්, ඒ තුළ තිරසාර සංවර්ධනය ඉලක්ක ජය ගැනීමේ අවශ්‍යතාවයත් අවධාරණය කර සිටියා.

ශ්‍රී ලංකා රජය විසින් වර්තමානයේ දූෂණ විරෝධී මෙහෙයුම් සම්බන්ධයෙන් ගෙන ඇති සාධනීය පියවර මෙහිදී අගය කළ මිසුකොෂි හිදෙයිකි එම ප්‍රයත්නයන් සඳහා ජපානයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ද කියා සිටියා.

ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ජපානයේ ආධාර ලබාදීමට කටයුතු කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු ඇතුළු විවිධ ප්‍රයත්නයන් සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) වැනි ආයතන හරහා සහයෝගය ලබාදීමට සූදානමින් සිටින බවත් සඳහන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් ජපානයේ ආයෝජන සිදු කිරීම සඳහා අවස්ථාව උදාවනු ඇතැයි බලාපොරොත්තුවන බව ද ඔහු වැඩිදුරත් සඳහන් කර සිටියා.

Geopolitical Cartographer 05
Geopolitical Cartographer 06
Geopolitical Cartographer 16
Geopolitical Cartographer 03
Geopolitical Cartographer 17


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56