දුර්ලභ ගණයේ පිළිකාවක් සමඟ සටන් කළ ජනප්‍රිය TikTok තාරකාව ජීවිතක්ෂයට

ජනප්‍රිය ටික්ටෝක් තරුවක් වන ලෙයා ස්මිත් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

22 හැවිරිදි වියේ පසු වූ ඇය දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම අවාසනාවන්ත පුවත ඇගේ පෙම්වතා විසින් ඇයගේ ටික්ටෝක් ගිණුමේ ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී ලෙයාගේ මිලියන භාගයකට අධික ටික්ටෝක් අනුගාමිකයින් ඔවුන්ගේ ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

ලෙයා ස්මිත් පසුගිය 11 වන දින මිය ගිය බවත් ඇය “කිසිදා අමතක නොවන” බවත් ඇයගේ පෙම්වතා වන ඇන්ඩෲ මුවර් එහි සඳහන් කර ඇති බව සඳහන්.

ලෙයා ස්මිත් දුර්ලභ අස්ථි පිළිකාවකට එරෙහිව වසර කිහිපයක් සටන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Ewing’s Sarcoma නැමැති පිළිකා රෝගය ඇයට වැළඳී තිබූ අතර, මෙය වයස අවුරුදු 10ත් 20 ත් අතර යෞවනයන් සහ තරුණ වැඩිහිටියන්ට බලපාන දුර්ලභ අස්ථි පිළිකා වර්ගයක් බවයි වෛද්‍යවරු සඳහන් කළේ.

ලෙයාට 2020 දී කොන්දේ වේදනාවක් ඇතිව ඇති අතර, ඒ හේතුවන් ක්‍රමයෙන් ඇගේ වම් පාදයේ සංවේදනය නැතිව තිබෙනවා.

ඉන් පසුව සිදුකළ පරික්ෂා කිරීම්වල දී ඇයට මෙම දුර්ලභ ගණයේ පිළිකා රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43