spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුර්ලභ ගණයේ පිළිකාවක් සමඟ සටන් කළ ජනප්‍රිය TikTok තාරකාව ජීවිතක්ෂයට

ජනප්‍රිය ටික්ටෝක් තරුවක් වන ලෙයා ස්මිත් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

22 හැවිරිදි වියේ පසු වූ ඇය දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම අවාසනාවන්ත පුවත ඇගේ පෙම්වතා විසින් ඇයගේ ටික්ටෝක් ගිණුමේ ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී ලෙයාගේ මිලියන භාගයකට අධික ටික්ටෝක් අනුගාමිකයින් ඔවුන්ගේ ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

ලෙයා ස්මිත් පසුගිය 11 වන දින මිය ගිය බවත් ඇය “කිසිදා අමතක නොවන” බවත් ඇයගේ පෙම්වතා වන ඇන්ඩෲ මුවර් එහි සඳහන් කර ඇති බව සඳහන්.

ලෙයා ස්මිත් දුර්ලභ අස්ථි පිළිකාවකට එරෙහිව වසර කිහිපයක් සටන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Ewing’s Sarcoma නැමැති පිළිකා රෝගය ඇයට වැළඳී තිබූ අතර, මෙය වයස අවුරුදු 10ත් 20 ත් අතර යෞවනයන් සහ තරුණ වැඩිහිටියන්ට බලපාන දුර්ලභ අස්ථි පිළිකා වර්ගයක් බවයි වෛද්‍යවරු සඳහන් කළේ.

ලෙයාට 2020 දී කොන්දේ වේදනාවක් ඇතිව ඇති අතර, ඒ හේතුවන් ක්‍රමයෙන් ඇගේ වම් පාදයේ සංවේදනය නැතිව තිබෙනවා.

ඉන් පසුව සිදුකළ පරික්ෂා කිරීම්වල දී ඇයට මෙම දුර්ලභ ගණයේ පිළිකා රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?