දුරකථන සම්ප්‍රේෂණ කුළුණුවල කේබල් සොරකමක්

රඹුක්න පොලිස් වසමේ යටගම, තල්හේන්කන්ද ප්‍රදේශයේ පිහිටි දුරකථන සම්ප්‍රේෂණ කුළුණක සවිකර තිබූ කේබල් සොරකමක් සම්බන්ධව ඊයේ (09) දින රඹුක්න පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් තඹ කම්බි කිලෝ 13 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 ක් වන රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්