දුරකථන මිල අඩුවෙයි? (වීඩියෝ)

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් ජංගම දුරකථන මිල අඩු වන බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සමිත් සෙනරත් මහතා සඳහන් කළේ ජංගම දුරකථන සහ උපාංගවල මිල 20%කින් පමණ අඩු වන බවයි.

දිවයින පුරා පවතින තොග අවසන් වීමත් සමඟ ජනතාවට එම සහනය ලබාදීමට හැකි බව ද ඔහු සඳහන් කළා.

දිවයින පුරා සිටින සාමාජිකයින්ගේ ඒකමතික තීරණයකට අනුව මෙම මිල අඩු කිරීමේ තීරණයට එළඹි බවයි සභාපතිවරයා කියාසිටියේ.

ඩොලරයේ වැඩිවීමත් සමඟ ඉහළ ගිය දුරකථන මිල රුපියල ශක්තිමත් වීමත් සමග ජනතාවට සහන ලබාදෙන බව සමිත් සෙනරත් මහතා ප්‍රකාශ කළා.

මිල ඉහළ වැඩි වටිනාකමින් යුතු ජංගම දුරකථනවල මිල 30%කින් පමණ අඩුවීම ද සිදුවිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

එමෙන්ම විදුලි සංදේශ නියාමන කොමිසම ⁣නව දුරකථනවල තාක්ෂණය පිළිබඳව මැදිහත්විය යුතු අතර ශ්‍රී ලංකාවට නවීන තාක්ෂණයෙන් යුත් දුරකථන ගෙන්වීම ප්‍රමාදවීමට විදුලි සංදේශ නියාමන කොමිසමේ ඇතැම් ප්‍රතිපත්ති බලපාන බව ද ජංගම දුරකථන ආනයන සහ විකුණුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

https://www.youtube.com/watch?v=-U3HVM4tQi0


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33