spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුරකථන මිල අඩුවෙයි? (වීඩියෝ)

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් ජංගම දුරකථන මිල අඩු වන බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සමිත් සෙනරත් මහතා සඳහන් කළේ ජංගම දුරකථන සහ උපාංගවල මිල 20%කින් පමණ අඩු වන බවයි.

දිවයින පුරා පවතින තොග අවසන් වීමත් සමඟ ජනතාවට එම සහනය ලබාදීමට හැකි බව ද ඔහු සඳහන් කළා.

දිවයින පුරා සිටින සාමාජිකයින්ගේ ඒකමතික තීරණයකට අනුව මෙම මිල අඩු කිරීමේ තීරණයට එළඹි බවයි සභාපතිවරයා කියාසිටියේ.

ඩොලරයේ වැඩිවීමත් සමඟ ඉහළ ගිය දුරකථන මිල රුපියල ශක්තිමත් වීමත් සමග ජනතාවට සහන ලබාදෙන බව සමිත් සෙනරත් මහතා ප්‍රකාශ කළා.

මිල ඉහළ වැඩි වටිනාකමින් යුතු ජංගම දුරකථනවල මිල 30%කින් පමණ අඩුවීම ද සිදුවිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

එමෙන්ම විදුලි සංදේශ නියාමන කොමිසම ⁣නව දුරකථනවල තාක්ෂණය පිළිබඳව මැදිහත්විය යුතු අතර ශ්‍රී ලංකාවට නවීන තාක්ෂණයෙන් යුත් දුරකථන ගෙන්වීම ප්‍රමාදවීමට විදුලි සංදේශ නියාමන කොමිසමේ ඇතැම් ප්‍රතිපත්ති බලපාන බව ද ජංගම දුරකථන ආනයන සහ විකුණුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

https://www.youtube.com/watch?v=-U3HVM4tQi0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
33
+1
6
+1
48
+1
11
+1
6
+1
12
+1
13
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?