ජනතාව රවටා පෞද්ගලික බැංකු ගිණුම්වලින් මුදල් වංචා කරන හැකර්වරුන් කල්ලියක් ක්‍රියාත්මකව සිටින බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය අවධාරණය කරනවා
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ බදු ගෙවන්නන් හඳුනාගැනීමට නිකුත් කර තිබෙන TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් සිදුකරන ජාවාරමක් සම්බන්ධයෙන් හෙළිදරව් වී තිබෙනවා.මේ වනවිට එම වංචනික කල්ලියට හසුවී රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි කරගත් අය පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසන්නේ,
මෙම ජාවාරම්කරුවන් පිරිස රාජ්‍ය බැංකුවක කාර්ය මණ්ඩල සාමාජිකයන් ලෙස දුරකථනයෙන් අමතා TIN අංකයට අදාළව බැංකුවේ ගිණුමක් පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව ප්‍රථමයෙන් දැනුවත් කරන අතර ඉන් පසුව එම ගිණුම සකස් කිරීමට අවශ්‍ය වන බැංකු ගනුදෙනුකරුගේ මුදල් හුවමාරු රහස්‍ය අංකය (OTP) ඉල්ලා සිටි.
එහිදි ඔවුන් එම අංකය භාවිතා කරමින් මුදල් වංචා සිදු කර තිබේ.පොලිසිය පවසන්නේ මේ හේතුවෙන් දුරකථන මගින් කතා කර පෞද්ගලික තොරතුරු විමසන වංචනිකයන්ට හසු නොවන ලෙසයි
