දුමින්ද , ලසන්ත සහ මහින්දගේ පැමිණිල්ල අගෝස්තු 20 වැනිදා කැඳවීමට අධිකරණය නියම කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල තලවලින් තමන්ව අත්හිටුවීමට ගෙන තිබූ තීරණයට එරෙහිව එම පක්ෂයේ නිලතල දැරූ දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අගෝස්තු මස 20 වනදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

එම පැමිණිල්ල අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පැමිණිලිකාර දුමින්ද දිසානායක, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරු වරයා එම පැමිණිල්ල ඒක පාක්ෂිකව විභාගයට ගැනීම සඳහා අගෝස්තු මස 20 වනදා කැඳවන ලෙස නියම කළා.

අදාල පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා
.
තමන්ව අත්තනෝමතික ආකාරයෙන් ධුර වල කටයුතු කිරීම අත්හිටුවීමට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් කටයුතු කළ දුමින්ද දිසානායක , භාණ්ඩාගාරික ලසන්ත අලගිය වන්න සහ ජේෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර යන මහත්වරු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38