දුම්රිය ඇතුළේ සිදුකළ සම්බාහනය ගැන දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය (වීඩියෝ)

සංචාරකයින් පිරිසක් සඳහා දුම්රියක් තුළ දී සම්බාහන පහසුකම් සපයන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මෙම වීඩියෝව සම්බන්ධයෙන් මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවදානය යොමුව ඇති බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා පැවසුවේ.

මෙම ක්‍රියාව හේතුවෙන් දුම්රියට යම් අලාභ හානියක් සිදු වී ඇත්දැයි පරීක්ෂා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විටත් පියවර ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

එම පරීක්ෂා කිරීමේ දී යම් අලාභ හානියක් සිදුව ඇත්නම් එය දුම්රිය ලබාගත් ආයතනවලින් අයකර ගැනීමට ක්‍රියාමර්ග ගන්නා බව ද දුම්රිය සාමාන්‍යධිකාරිවරයා මාධ්‍ය හමුවේ අද (17) සඳහන් කළා.

පෞද්ගලික ආයතනයක් මුදල් ගෙවා මෙම දුම්රිය වෙන්කරවාගෙන මෙම සම්බාහන සේවාව පත්වා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙම සම්බාහන සේවාව සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සාමාන්‍ය දුම්රියක මෙම ක්‍රියාව සිදුවන නොමැති බවත්, මුදල් ගෙවා වෙන්කර ගත් විශේෂ දුම්රියක් තුළ මෙය සිදුව ඇති බවත් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03