දුම්රියේ ගැටී මිය ගිය වන අලින් ගැන කෝපා කමිටුවේදී අනාවරණයක්

2020 සිට 2024 දක්වා ක‍ාලය තුළ දුම්රියේ ගැටීම හේතුවෙන් වන අලි 53 දෙනෙක් මියගොස් ඇති බවත්, තවත් 17ක් තුවාල ලබා ඇති බවත් කෝපා කමිටුවේ දී අනාවරණය වුණා.

මේ පිළිබඳ අනාවරණය වූයේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති අරවින්ද සෙනරත්ගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී කමි‍ටුව පෙන්වා දුන්නේ වන අලි අනතුරු අවම කර ගැනීම සඳහා 2018 ඔක්තෝම්බර් මස 11 දින සිට 15 දින දක්වා සමීක්ෂණයක් සිදුකර වන අලි දුම්රියේ ගැටීමේ ස්ථාන හා වන අලි දුම්රිය මාර්ගයේ ගැවසෙන ස්ථාන පිළිබඳ අධ්‍යයනයක් සිදුකර තිබුණත් වන අලි දුම්රියේ ගැටීම අවම වී නැති බවයි.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ 2018 පැවති තත්ත්වය මේ වන විට වෙනස් වී ඇති බවත්, මෑත කාලීනව අලි 200 පමණ දිනපතා දුම්රිය මාර්ග අවට ගැවසෙන බවත් හඳුනාගෙන ඇති බවයි.

මේ හේතුවෙන් දැනටමත් කෙටි කාලීන විසඳුම් ලබා දී ඇති බවත්, මේ වන විට වන ජීවී දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරමින් දීර්ඝකාලීන විසදුම් ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් නිලධාරීන් පෙන්වා දුන්නා.

තවද දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් සහ වත්කම් පිළිබඳ දත්ත ඇතුළත් තොරතුරු පද්ධතිය සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු වුණා.

මෙහිදී විගණකාධිපති දෙපාර්තමේතුවේ නිලධාරීන් පෙන්වා දුන්නේ තොරතුරු පද්ධතිය සකස් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් 2024 අගෝස්තු 05 දින වන විට කාරක සභාව වෙත ලබාදෙන ලෙස නිර්දේශ කර තිබුණු බවයි.

නමුත් එය තවමත් ලැබී නැති බවත් එම නිලධාරීන් පෙන්වා දුන්නා.

මෙහිදී දුම්රිය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මාස 03ක් ඇතුළත මෙම වාර්ත‍ාව සකස්කර ලබාදීමට කටයුතු කරන බවයි.

එමෙන්ම පවත්වා ඇති විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් ප්‍රමාණවත් නොවීම පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු වුණා.

මෙහිදී අනාවරණය වූයේ වසරකට විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් 04ක් පැවැත්විය යුතු වුවත් 2021 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා එසේ පවත්වා නැති බවයි.

මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ 2025 වර්ෂය සඳහා මේ වන විට එක් රැස්වීමක් පවත්වා ඇති බවත් මේ වසරේ අවශ්‍ය රැස්වීම හතරම පැවැත්වීමට කටයුතු කරන බවයි.

තවද 2022 සිට 2024 දක්වා විගණන විමසුම් 27 කට පිළිතුරු ලබානොදීම පිළිබඳව ද මෙහිදී අනාවරණය වුණා.

පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වෙනුවෙන් අවශ්‍ය සේවක සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙය සිදු වී ඇති බවයි.

නමුත් හැකි උපරිමයෙන් මේ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්නා.

එසේම දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර දුම්රිය දෙපාර්තමේන්තුව සතුව දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 267ක් පවතින බවත් ඉන් 90ක් අවුරුදු 40ට වඩා පැරණි ඒවා බවත්, අවුරුදු 20 ත් 30ත් අතර 69ක් පවතින බවත්, අවුරුදු 10ත් 20ත් අතර 62ක් පවතින බවත්, අවුරුදු 10ට අඩු 46ක් පවතින බවත් මෙහිදී අනාවරණය වුණා.

මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව රටට අත්‍යවශ්‍ය ආයතනයක් බවයි.

නමුත් ජනතාව අතර මේ සම්බන්ධයෙන් සෘණාත්මක අදහස් පවතින බවත්, මේ තත්ත්වය වළක්වමින් මෙම ආයතනය වඩාත් කාර්යක්ෂම තත්වයට පත්කිරීමට කටයුතු කළ යතු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10