spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුනිත් වෙල්ලාලගේ ගැන දසුන්ගෙන් සහතිකයක්

2023 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තුළ නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාගේ දැකගත හැකි බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක පවසනවා.

ඊයේ (24) රාත්‍රියේ අවසන් වූ ඕස්ට්‍රේලියාව සමඟ එක්දින තරගාවලියෙන් පසු පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දසුන් මේ බව සඳහන් කළා.

ඕස්ට්‍රේලියාව සමඟ නිමා වූ එක්දින තරගාවලිය තුළ වැඩිම කඩුලු ලාභියා බවට පත් වුණේ නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා නායකයා එහිදී වැඩිදුරටත් පැවසුවේ මෙම කණ්ඩායම ම ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවයි.

තරගය පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග තුනට දෙකක් ලෙස ඕස්ට්‍රේලියාව පරදා ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?