දුනිත්ගේ පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරේ

අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (21) පස්වරුවේ සිදුකෙරුණා.

ඒ, මොරටුව, රාවතාවත්ත පොදු සුසාන භූමියේදීයි.

දේහය, එය තැන්පත් කර තිබූ ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික මල්ශාලාවේ සිට මොරටුව වේල්ස් කුමර විද්‍යාලය වෙත අද පස්වරුවේ රැගෙන යාමෙන් අනතුරුවයි සුසාන භූමිය වෙත රැගෙන යෑම සිදු කෙරුණේ.

ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා පසුගිය 18 වනදා රාත්‍රියේ ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් භාවප්‍රාප්ත වුණා.