දිළිඳුකම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අද

දිළිඳුකම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදට (17) යෙදී තිබෙනවා.

‘ආයතනික සහ සමාජීය වශයෙන් නොසලකා හැරීම් පිටු දැක ගෞරවය හා ඵලදායී සහය දිළිඳු පවුල් වෙත යොමු කිරීම’ යන්න මෙවර එහි තේමාවයි.

ලෝක බැංකු තක්සේරුවලට අනුව මෙරට දිළිඳු ජනගහනය සමස්ත ජනගහනයෙන් 24%ක් වනවා.

2022 වසරේ පැන නැඟි ආර්ථික අර්බුදයත් සමඟ මෙරට දිළිඳු බව යළිත් ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව ලොව ජනගහනයෙන් මිලියන 700ක් දිළිඳු බවින් පෙළෙන බවයි වාර්තා වන්නේ.

ඉන් වැඩි ප්‍රමාණයක් අප්‍රිකානු සහරා උප මහද්වීපයේ ජීවත්වනවා.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය අත්සන් කරන ලද පැරිසියේ දී 1987 ඔක්තෝබර් 17 වනදා අන්ත දරිද්‍රතාවට, ප්‍රචණ්ඩත්වයට සහ සාගින්නට ගොදුරු වූ ලක්ෂයකට අධික ජනතාවක් රැස් වී දරිද්‍රතාව මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කළා.

ඔවුන් එදින ඒ බව සඳහන් සමරු ඵලකයක් ද විවෘත කර ඇති අතර එහි අනුරූ ලොව පුරා රටවල්වල පවතිනවා.

අනතුරුව 1992 දෙසැම්බර් 22 දින සම්මත කරන ලද 47/196 යෝජනාව මඟින්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඔක්තෝබර් 17 දිළිඳුකම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56