spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිස්ත්‍රික්ක 8කට නායයෑමේ අවදානමක්

මේ දිනවල පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් නායයෑමේ අවදානමක් නිකුත්කර තිබෙනවා.

දිස්ත්‍රික්ක අටක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, මොණරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම පවතින බව එම සංවිධානය සඳහන් කරයි.

මෙම දිස්ත්‍රික්කයන්හි කඳු, බෑවුම් ආශ්‍රිතව සහ නායයෑමේ අවදානම ඇති ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශයන්හි පදිංචි වී සිටින්නන් අවදානයෙන් සිටිය යුතු බව ද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?