දිස්ත්‍රික්ක තුනක අවදානම් මාර්ගවලට ආරක්ෂිත යකඩ වැට

දිස්ත්‍රික්ක තුනක අවදානම් බැවුම් සහිත මාර්ග සහ ස්ථාන ආශ්‍රිතව ආරක්ෂිත යකඩ වැටවල් සකස් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව මුල් අදියරේ දී ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල අවදානම් බැවුම් සහිත මාර්ග සහ ස්ථාන ආශ්‍රිතව මෙම යකඩ වැට ඉදිකිරීමට නියමිත බවයි එම අධිකාරිය සඳහන් කළේ.

කිලෝමීටර් 50ක් දක්වා එම යකඩ වැට ඉදිකෙරෙන අතර, පසුගිය කාලයේ වාර්තා වූ අනතුරු සැලකිල්ලට ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.