දිවයින පුරා පෞද්ගලික බස් ධාවනය නතරවන ලකුණු

රට තුල මේවන විට දැඩි ඉන්ධන හිඟයක් පවතින අර්බුදය හමුවේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අනතුරු අඟවීමක් සිදුකර තිබෙනවා. ඉදිරියේදී ප්‍රමාණවත් ලෙස ඩීසල් නො ලැබුන හොත් අනිද්දා සිට දිවයින පුරා පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම නතර කරන බවයි ඔවුන් පවසන්නේ.

ඩීසල් නොමැති වීම හේතුවෙන් අද දිනයේත් ධාවනය කෙරෙන්නේ සමස්ත පෞද්ගලික බස් රථ සංඛ්‍යාවෙන් සියයට 20ක් බව යි ගැමුණු විජේරත්න කියා සිටියේ. පවතින තත්ත්වය හමුවේ ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබා දීමද මේ වනවිට අත්හිටුවා ඇති බව ඔහු ප්‍රකාශ කළා.පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා අද සිට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබෙන අතර කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්වල ඉගෙනුම ලබන පාසල් සිසුන් පමණක් ප්‍රවාහනය සඳහා පෞද්ගලික බස් රථ යොදා ගෙන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40