දිවයිනට පැමිණි IMF නිලධාරීන් කණ්ඩායම උතුරේ සංචාරයක (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් අද (14) උතුරු පළාතේ සංචාරයක නිරත වුණා.

එහි දී එම නිලධාරීන් පිරිස උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පළාත් අණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් හමුවුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසේ ප්‍රධානී පීටර් බෲයර් ඇතුළු පිරිස උතුරු පළාතේ ජන ජීවිතයේ වර්තමාන තත්ත්වය සහ සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විමසා ලැබුවා.

එම පළාතේ ජීවත්වන ජනතාව ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම, ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය, ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ක්‍රියාත්මක කළ හැකි සාධනීය යෝජනා පිළිබඳව මෙහි දී සාකච්ඡාවට ලක් වුණා.

අනතුරුව ආණ්ඩුකාර කාර්යාලයේදී ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පිරිස උතුරේ ව්‍යාපාරික නියෝජිතයින්, සරසවි නියෝජිතයින් පිරිසක් මෙන්ම සාමාන්‍ය වැසියන් කිහිපදෙනෙකු ද හමු වී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

මෙහි දී උතුරේ ව්‍යාපාරික ප්‍රජාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වෙතට දැනුම් දී සිටියේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් උතුරේ නැවත පදිංචි වූ ජනතාවට විවිධ අවස්ථාවන් හි ගැටළු සහගත තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුව ඇති බවයි.

උතුරේ වැසියන්ට මෙන්ම ශ්‍රී ලංකා වාසීන්ට නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇත්තේ අතීතයේ පැවති අවධිමත් වූ බදු ප්‍රතිපත්ති හේතුවෙන් බවයි එම නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම නව බදු ප්‍රතිපත්තිය යම් කාලයක් ඉවසාගෙන සිටින්නේ නම් රටේ සංවර්ධනය කරා ගමන් කිරීමට හැකියාවක් ඇති බව ද ඔවුන් සඳහන් කළා.

මේ වන විටත් ශ්‍රී ලංකාව ඒවැනි වූ ධනාත්මක රටාවකට ගමන් කරමින් සිටින බැවින් යම් කාලයක් ඊට ගතවන බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22