දිවයිනට පැමිණි වියට්නාම ජනපතිට උණුසුම් පිළිගැනීමක් – අද පාර්ලිමේන්තුව ඇමතීමටත් සූදානමින්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනාවකට අනුව නිල සංචාරක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම්ට කටුනායක ගුවන් තොටුපොළේ දී උණුසුම් පිළිගැනීමක් හිමි වුණා.

වියට්නාම ජනාධිපතිවරයාව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී පිළිගනු ලැබුවා.

වියට්නාම ජනාධිපතිවරයා ඇතුළු එරට රාජතාන්ත්‍රික නියෝජිත පිරිස පිළිගැනිම වෙනුවෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.

ඔහු සමඟ දූත පිරිස ලෙස තවත් 209 දෙනෙකු ඊයේ (07) රාත්‍රියේ මෙලෙස දිවයිනට පැමිණි බවයි වාර්තා වුණේ.

වියට්නාම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඉන්දියාවේ මුම්බායි නුවර සිට වියට්නාම් ගුවන් සේවයට අයත් වී.එන්.- 1 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණියා.

ජනාධිපති ටෝ ලාම් සමඟ වියට්නාම් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් ඇතුළු ප්‍රමුඛ දේශපාලන නායකයින් පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිනවා.

දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපතිවරයා අද (08) දිනයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි.

මේ අතර පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32