දිල්ෂාන් මධුසංකගේ කඩුලු ත්‍රිත්වයෙන් ලංකාව වාර්තා පොත් අතරට

සත්කාරක සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගයේ ඊයේ (29) හරාරේ හිදී නිමාවට පත් වුණේ ශ්‍රී ලංකාවට තියුණු ජයක් අත්කර දෙමින්.

තරගයේ අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා සිම්බාබ්වේට අවශ්‍ය වූයේ ලකුණු 10ක් පමණක් වූ අතර සිකන්දර් රාසා ලකුණු 92ක් රැස් කරමින් පන්දුවට පහර දෙමින් සිටියා.

එතෙක් වේලා සිම්බාබ්වේ දෙසට විවෘතව පැවති ජයග්‍රහණය අවසන් පන්දුවාරය යැවූ දිල්ෂාන් මධුසංක පන්දුවාරයේ පළමු පන්දු තුනෙන් කඩුලු ත්‍රිත්වයක් දවාගනිමින් ශ්‍රී ලංකාවට ජය මාවත විවරකර දුන්නා.

ඊයේ වාර්තා වුණේ එක්දින ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලබාගත් 11වැනි කඩුලු ත්‍රිත්වයයි.

දිල්ෂාන් මධුසංක ලබාගත් එම කඩුලු ත්‍රිත්වයත් සමඟ ජ්‍යාත්‍යන්තර එක්දින තරගවල කඩුලු ත්‍රිත්වයේ අවස්ථා 11ක් ලබාගත් ලොව පළමු රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා පොත් අතරට එක් වුණා.

ඒ, සමඟින් මීට පෙර ලංකාව සතුව තිබූ ලොව වැඩිම එක්දින කඩුලු ත්‍රිත්වයේ වාර්තාව ද අලුත් කරන්නට දිල්ෂාන් මධුසංක සමත් වුණා.

එමෙන්ම 2025 වසරේදී වාර්තා වී ඇත්තේ එක්දින කඩුලු ත්‍රිත්වයේ අවස්ථා 02ක් පමණක් වන අතර එම අවස්ථා 02ට හිමිකම් කියනු ලබන්නේ ශ්‍රී ලංකික පන්දු යවන්නන් වනවා.

ඒ අවස්ථා දෙක වන්නේ, ජනවාරි මාසයේදී නවසීලන්යට එරෙහිව මහිෂ් තීක්ෂණ ලබාගත් කඩුලු ත්‍රිත්වය සහ ඊයේ දිනයේ මධුසංක විසින් දවාගත් කඩුලු ත්‍රිත්වයයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ ලකුණු 298ක් රැස් කරගත් අතර ඉනිමේ අවසාන භාගයේදී ජනිත් ලියනගේ සමඟින් එක්වූ කමිඳු මෙන්ඩිස් වේගවත් ශතක සබඳතාවයක් ගොඩනැගුවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 76ක් සහ ජනිත් ලියනගේ නොදැවී ලකුණු 70ක් රැස් කරගත්තේ පන්දු 47ත් පමණක් වැය කරමින්.

කමිඳු මෙන්ඩිස් ද පන්දු 36ක් තුළ වේගවත් ලකුණු 57ක් රැස් කරගැනීමට සමත් වුණා.

පිළිතුර ඉනිම වෙනුවෙන් සිකන්දර් රාසා ලකුණු 92ක් සහ බෙන් කරන් ලකුණු 70ක් රැස් කරගත්ත ද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වූයේ නැහැ.

අවශ්‍යම මොහොතේ දවාගත් කඩුලු ත්‍රිත්වය ඇතුළු සමස්ථ කඩුලු 04ක් දවාගත් දිල්ෂාන් මධුසංක තරගයේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර වුණා.

දෙරට අතර දෙවන එක්දින තරගය හෙට (01) දිනයේ මෙරට වේලාවෙන් පස්වරු 01.00ට ආරම්භ වීමට නියමිතයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50