වැල්ලවාය තෙලුල්ල ජනපදයේ, නයිගල් ආර වැලි ආරේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
දිය නෑම සදහා මෙම සිසුවා ජලය පිරී තිබූ වලකට බැස ඇති අවස්ථාවක මෙම හදිසි අනතුරට මුහුණ පා තිබුණා.
ප්රදේශවාසින් විසින් දරුවා කඩිනමින් ගොඩට ගෙන වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහුගේ දිවි බේරාගැනීමට හැකිවී නැහැ.
මිය යනවිට සිසුවා එක්ලොස්වන වියේ පසුවුණා.


