දියේ ගිලීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීමේ ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

දියේ ගිලීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම සහ ජීවිතාරක්‍ෂක කටයුතු සඳහා ශක්තිමත් ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීමේ මූලික සාකච්ඡාවක් පෙරේදා (07) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත් වුණා.

දියේ ගිලීමෙන් සිදුවන අනතුරු අවම කිරීම සහ දිවයින පුරා මහජන ආරක්‍ෂාව ඉහළ නැංවීම සඳහා ඒකාබද්ධ, බහුවිධ අංශ සම්බන්ධ කරගත් වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබුණා.

මෙම හමුව, ජීවිත ආරක්‍ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ ජලජ පරිසරයේ සුරක්‍ෂිතභාවය තහවුරු කිරීම සඳහා ගත් කාලෝචිත මෙන්ම වැදගත් ආරම්භක පියවරක් ලෙස සනිටුහන් කරනවා.

වසර ගණනාවක් පුරා අක්‍රියව පැවති මෙම වැදගත් ප්‍රයත්නය ඊයේ දිනයේදී නිල වශයෙන් ආරම්භ වුණා.

මෙම සැසිය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක යන අයගේ සභාපතිත්වයෙන් පැවැත් වුණා.

සාකච්ඡාව ආරම්භ කරමින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වත්මන් දියේ ගිලීමෙන් සිදුවන අනතුරුවල බරපතලකම පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කළා.

දියේ ගිලීම හේතුවෙන් සිදුවන ජීවිත හානි හුදෙක් සමාජීය ප්‍රශ්නයක් පමණක් නොව, එය මහජන ආරක්‍ෂාව සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ තීරණාත්මක කරුණක් බව ඔහු අවධාරණය කර සිටියා.

ව්‍යුහාත්මක ආරක්‍ෂක යාන්ත්‍රණයක් නොමැතිකම ජාතික අවශ්‍යතාවලට බරපතල අවදානමක් ඇති කරන බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නා.

එමෙන්ම දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආරක්‍ෂාව සහතික කිරීම සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට සහ ගෝලීය මට්ටමින් රටේ කීර්තිනාමය ආරක්‍ෂා කර ගැනීමට අත්‍යවශ්‍ය බවද ඔහු ප්‍රකාශ කළා.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී යෝජනා කළේ, ජීවිතාරක්‍ෂක සූදානම පිළිබඳ සංස්කෘතියක් ඇති කිරීමේ අරමුණින් ජල ආරක්ෂාව පිළිබද දැනුවත්භාවය ජාතික පාසල් විෂය මාලාවට ඇතුළත් කළ යුතු බවයි.

එම යෝජනාව තවදුරටත් තහවුරු කරමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා තරුණ පරපුරේ හැකියාවන් පිළිබඳව අවධාරණය කළා.

විශේෂිත පුහුණු වැඩසටහන් හරහා තරුණ තරුණියන් බලමුලු ගන්වා දක්ෂ ස්වේච්ඡා බලකායක් නිර්මාණය කිරීම මගින් වෘත්තීය ජීවිතාරක්‍ෂක සේවාවන් සඳහා සහය වන තිරසාර, ප්‍රජා මූලික ආරක්‍ෂක ජාලයක් ස්ථාපිත කිරීමට ඔහු යෝජනා කරනු ලැබුවා.

මෙම සාකච්ඡාව සඳහා යෝජිත යාන්ත්‍රණය තුළ තමන්ට පැවරෙන කාර්යභාරය පිළිබඳ කරුණු දැක්වීමට ඉහළ පෙළේ නිලධාරීන් සහ විශේෂඥයන් පිරිසක් එක්ව සිටියා.

නාවික හා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීන්, යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ (CSD) අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් මීට සහභාගීව සිටියා.

එමෙන්ම ආරක්‍ෂක, සෞඛ්‍ය, තරුණ කටයුතු හා ක්‍රීඩා, අධ්‍යාපන සහ සංචාරක අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ සහ ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක සංගමයේ (SLLSA) නියෝජිතයෝ ද සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40