spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දියණියගේ අනාගතයම විනාශ කළ පියාට වසර 110ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

සිය 11 හැවිරිදි දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ පියෙකුට, බරපතළ වැඩ සහිත වසර 110ක සිරදඬුවමක්, රුපියල් ලක්ෂ 06ක වන්දි මුදලක් සහ රුපියල් අසූදහසක දඩ මුදලක් ගෙවීමට බලපිටිය මහාධිකරණය ඊයේ (05) නියෝග කළා.

සැකකාර පියා 2008 වසරේ ජනවාරි පළමු වනදා සිට අවස්ථා ගණනාවක දී සිය දියණියව බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ බවට ඌරගස්මහන්දිය පොලිසිය විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

දැරියගේ මව විදෙස් ගතව සිටි කාලයේ සෑම දිනකම බීමතින් පැමිණ තම පියා තමන්ව ලිංගික අපයෝජනයට ලක්කළ බවට දැරිය අසල්වැසි කාන්තාවක් සමඟ පවසා තිබෙනවා.

අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් පසු සැකකාර පියා අත්අඩංගුවට ගෙන බලපිටිය අධිකරණයේ චෝදනා ගොනුකර නඩු පැවරීමට කටයුතුකර තිබුණා.

එම චෝදනාවන්ට සාධාරණ සැකයකින් තොරව සැකකාර පියා වරදකරු කළ අධිකරණය අදාළ දඬුවම් පනවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
2
+1
30
+1
6
+1
18
+1
6
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?