දින 44කට පසු මීරිගමින් හමු වූ කොටදෙණියාවේ දරු දෙදෙනා

මීට දින 44 කට ඉහතදී අතුරුදහන් වූ කොටදෙණියාවේ දරුවන් දෙදෙනා මීරිගම ප්‍රදේශයේදී යළි හමු වුවා.ඔවුන් දෙදෙනා ජනවාරි 5දා රාත්‍රී කාලයේ මීරිගම ආපන ශාලාවක් අසලට පැමිණ කුස ගින්නට කෑම ඉල්ලා ඇති බව සඳහන්.

පසුව එම ආපන ශාලාව හිමි කාන්තාව නැලිගම ප්‍රදේශයේ පිහිටි තමාගේ නිවසට දරුවන් දෙදෙනා කැඳවාගෙන ගොස් අද දින මීරිගම පොලිසියට භාර දී තිබෙනවා.

ඒ අනුව, මීරිගම පොලිසියට භාර දී සිටි අතුරුදහන් වූ බව කියන මෙම දරුවන්ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් එම දරුවන් දෙදෙනාගෙන් විමසු විට ඔවුන් පවසන්නේ මෙවැන්නක්,

“මායි මල්ලියි හිටියේ බාඳුරාගොඩ අපේ ගෙදර. අපි හැම දා ම අම්මගෙන් ගුටි කනවා. ඒ මල්ලි බලාගන්නේ නෑ කියලා. අපිට හරියට වද දෙනවා. අපි දවසක් දා ගෙදරින් පැනලා ගියා. ඒත් කොටදෙණියාව පොලිසියෙන් අපිව හොයාගෙන ඇවිල්ලා ආයෙත් ඒ ගෙදරට ම භාර දුන්නා. එදා ඉදන් අපි හැමතිස්සේ ම ගුටි කනවා. ඕන දේටයි එපා දේටයි හැම එකට ම අපිට තලනවා. ඉතින් මේ පාර ත් අපි ගෙදරින් පැනලා ගියා. ඒ අම්මලා මීරිගම ටවුන් එකට ආපු වෙලාවේ.

අපි ගිහිල්ලා එහා පැත්තෙ ගෙදරක වත්තක ගොටු කොළ කඩලා මිටි හදන ළඟ කඩයකට විකුණලා රුපියල් සියයක් අරගෙන මීරිගම පයින් ම ආවා. ඊට පස්සේ අපි බස් එහෙක නැගලා මීගමුවට ආවා. මීගමුවේ අපි කඩවල්වල අගු පිලවල්වල රෑට නිදියගත්තා. කඩවල මාමලා දුන්න කෑම අපි කෑවා. පොලිසියේ මාමලා අපෙන් ඇහුවා අපි මොක ද මෙතන කරන්නෙ කියලා. අපි කිව්වා මාමා එනකන් ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ අපි පෙරේදා මීරිගම ටවුන් එකට ආවා. එහිදී මීරිගම ටවුන් එකේ කඩේකින් අපි බඩගින්නට කෑම ඉල්ලුවා. ඒ ඇන්ටි හරිම කරුණාවන්තයි. එයා අපිට කෑම දීලා අපිව ගෙදර එක්කගෙන ගියා. අපිට අලුත් ඇඳුම් ඇඳගන්නට දුන්නා. අපි පහුව දා උදේ ම පොලීසියට ගෙනත් භාර දුන්නා. අනේ මාමේ අපිව කොටදෙණියාවේ පොලිසියට ගෙනෙහින් දාන්ඩ එපා. ආයෙත් අපිව අම්මලාට ගිහිල්ලා භාරදෙනවා පොලිසියෙන්. අනේ පින්සිද්ධ වෙයි. පුළුවන් නම් මේ ඇන්ටිලාගේ ගෙදර ම අපිට ඉන්ඩ ඉඩ සලස්වා දෙන්ඩ.”

මේ අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සෙවීමට පෙර දින දරුවන් නතර වූ බව කියන නැලිගම ප්‍රදේශයට ගොස් සිදු කළ විමසීමකදී එම ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම දරුවන් දෙදෙනා මීට දින කිහිපයකට ඉහත දී මෙම නිවසේ සිටිනු දකින්නට ලැබුණු බවයි.

මෙම දරුවන් දෙදෙනා සිටි නිවස කුලී නිවසක් වන අතර එම නිවැසියන්ගෙන් විමසද්දී නිවැසියන් සඳහන් කරන්නේ එම දරුවන් ඔවුන්ගේ ඥාතීන් වන බවයි.

මෙම දරුවන්ගේ දෙමාපියන්ට කොරෝනා වසංගතය වැළඳීම හේතුවෙන් තම නිවසේ රඳවා සිටින බව ද නිවැසියන් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජී.එල්ගේ කිහිල්ලේ මයිලුත් නෑ - ලැජ්ජා නැද්ද.. අටපිරිකර උස්සගෙන යනවා
10:03
Video thumbnail
මරික්කාර්ට ඕන විදිහට කරන්න දීලා ආණ්ඩුවේ කට්ටිය බම්බු ගහනවද..?
10:50
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30