දින 3කදී ඩෙංගු රෝගීන් 700ක්

මෙම මාසයේ ගතවූ දින කිහිපයේ පමණක් ඩෙංගු රෝගීන් 700කට ආසන්න සංඛ්‍යාවක් සමස්ත දිවයිනෙන් ම වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

එහි සහකාර ලේකම් වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු අද පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ ඉදිරියේදී ඇති වන වර්ෂා කාලයේදී ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩි වීමක් අපේක්ෂා ක‍රන බවයි.

එම තත්ත්වය නිසි ලෙස පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් එය වසංගතයක් දක්වා වර්ධනය විය හැකි බවට ද ඔහු අනතුරු අඟවනවා.

“මැයි මාසයේ මුල් දින කිහිපයේ පමණක් ඩෙංගු රෝගීන් 700කට ආසන්න සංඛ්‍යාවක් මුළු දිවයිනෙන් ම වාර්තා වෙලා තියෙනවා. වැඩි ම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ වන විට ඩෙංගු දැඩි අවදානම් තත්ත්වයක තමයි පවතින්නේ. ඊට අමතරව දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක සැලකුවොත් එහෙම කළුතර දිස්ත්‍රික්කය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් ඩෙංගු අවදානම් තත්ත්වයක් ඇතිවෙමින් පවතිනවා. මුළු දිවයිනෙන් ම වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් 50%කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. එතකොට ඉදිරියේදී ඇති වන වර්ෂා කාලයේදී අනිවාර්යයෙන් ම තවදුරටත් ඩෙංගු රෝගීන් වැඩිවීමක් අපේක්ෂා කරනවා. එතකොට ඉහළ මට්ටමකින් තමයි මේ ඩෙංගු රෝගීන් වැඩි වීම පටන් ගන්නේ. ඒක නිසා මේ තත්ත්වය සමහරක් වෙලාවට අපි හරියට පාලනය කර ගත්තේ නැත්නම් සමහරක් විට වසංගත තත්තවයකට පරිවර්තනය වෙන්න පුළුවන්.”

මේ අතර බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඩෙංගු කාර්ය සාධක බලකාය සක්‍රීය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් ආණ්ඩුකාරවරයාට, ප්‍රධාන ලේකම්වරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබීම මීට හේතුවයි.

ඒ අනුව අදාළ ආයතනවල සහ මහජනතාවගේ සහයෝගය ඇතිව ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10