දින 21 කින් වියදම් වාර්තා භාරදෙන්න – මැතිවරණයට තරග කළ අපේක්ෂකයින්ට පණිවුඩයක්

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී දින 21ක් ඇතුළත මෙවර මහ මැතිවරණයට තරග කළ අපේක්ෂකයින් තම වියදම් වාර්තා භාරදිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඒ අනුව මෙවර මැතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින් 8,888 දෙනා වියදම් වාර්තා භාරදීම අනිවාර්ය බවයි කොමසාරිස් ජෙනරාල්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

ඊට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රීවන්රු ද සිය වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඒ, අනුව එළඹෙන දෙසැම්බර් 06 වනදා මධ්‍යම රාත්‍රියවන විට එම සියලුම අපේක්ෂකයින් අදාළ මැතිවරණ වියදම් වාර්තා භාරදිය යුතු වනවා.

මෙලෙස මැතිවරණ වියදම් වාර්තා භාර නොදෙන අපේක්ෂකයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සිදුවන බව කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවා.

මේ අතර මැතිවරණ සඳහා තරග කර ජයග්‍රහණය කිරීමට නොහැකි වූ අපේක්ෂකයින්ට ද ජාතික ලැයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුව පැමිණීමට හැකියාව පවතින බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44