spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දින 03ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් – මෝසම් වැසිත් සමඟ වසංගතය දරුණු අතට

දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 72ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සහය ඇතිව දින තුනක් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

මේ අතර නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ ඩෙංගු වසංගතය තවදුරටත් තීව්‍ර වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

බ්‍රිටෝ දර්ශකයට අනුව මේ වනවිටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල මදුරු ඝනත්වය 25%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම සංගමය සඳහන් කළේ.

ඒ, අනුව ඩෙංගු වසංගත තත්ත්වය තවදුරටත් පාලනය කරගත නොහැකි මට්ටමට ඉදිරියට ගමන් කරන බවයි කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?