දින ගණනක් අතුරුදන්ව සිටි එප්පාවල දරුවා ගැන කරුණු රැසක් එළියට (ඡායාරූප)

දින ගණනක් අතුරුදන්ව සිටි එප්පාවල, ගැටදිවුල ප්‍රදේශයේ වයස අවුරුදු 09ක පිරිමි දරුවාගේ සිද්ධියට අදාළව මේ වනවිට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඒ, අදාළ දරුවා රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ නිවසක සිටියදී එප්පාවල පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් සොයා ගැනීමෙන් අනතුරුවයි.

මෙහිදී දරුවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන සිටි පුද්ගලයා ද අත්අඩංගුවට ගැනුණා.

විදුලි කාර්මික ශිල්පියෙකු වන මෙම පුද්ගලයා මිතුරෙකුගේ නිවසක රඳවාගෙන සිටිය දී දරුවා සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම දරුවා පැවිදි කිරීම සඳහා මව සූදානම්වීම හේතුවෙන් ඔහු නිවසින් පිටව ගොස් ඇති බවටයි සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

එහිදී විදුලි කාර්මික ශිල්පියා නිවස බලා ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී දරුවා ද එම රථයට බලෙන්ම ගොඩ වී ඇති බව සඳහන්.

පසුව මෙම පුද්ගලයා දරුවාව ඔහුගේ මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් ඇති අතර, එය දරුවාගේ කැමැත්ත මත සිදුවූවක් බවයි හෙළිව ඇත්තේ.

පසුගිය 19 වනදා රාත්‍රියේ සිට තම දරුවා අතුරුදන් වූ බවට මව විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව දින ගණනක් සිදුකළ විමර්ශන වලින් පසු දරුවා රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ නිවසක සිටියදී මෙලෙස සොයා ගැනුණා.

එහිදී දරුවා පොලිසිය පවසා ඇත්තේ තම පියා යුද හමුදාවේ සේවය කරන බවත්, පියා නිවාඩු ලබා නිවසට පැමිණීමෙන් පසු තමන් මහණ කරන බවට මව ප්‍රකාශ කළ බවයි.

එයට අකමැති වී තමන් මෙලෙස නිවසෙන් පිටව ගිය බව දරුවා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම යළි නිවසට පැමිණීමට ද අකමැති බව දරුවා පොලිසිය හමුවේ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ මෙම දරුවා අද (24) දිනයේ අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව දරුවා සහ අත්අඩංගුවට පත් විදුලි කාර්මිකයා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57