දිනෙන් දින මාධ්‍යකරණයට නුසුදුසු රටක් ලෙස හංවඩු ගැහෙන පාකිස්ථානය

2024 වසරේ මුල් මාස හය තුළ පමණක් මාධ්‍යවේදීන් හත් දෙනෙකු ඝාතනය වීමත් සමග පාකිස්තානය මාධ්‍යවේදීන් සඳහා අතිශය අනතුරුදායක ස්ථානයක් ලෙස සිය අපකීර්තිමත් වාර්තාව ආරක්ෂා කරගන්නට පාකිස්තාන බලධාරීන් ‘සමත්’ වී සිටිනවා.
මෙම ප්‍රවණතාවෙන් ඇඟවෙන්නේ එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

රටේ මිලිටරි සංස්ථාපිතය, ඉලක්කගත ඝාතන, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ ආරක්ෂක ඒජන්සි විසින් ශාරීරික වධහිංසා පැමිණවීම් ඇතුළු දැඩි තාඩන පීඩන, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මත එහි මර්දනය තීව්‍ර කරනවා.

මාධ්‍ය නිදහසට තවත් පහරක් ලෙස, නිශ්චිත නොවන ආරක්ෂක තර්ජන මුවාවෙන් සමාජ මාධ්‍ය වේදිකා සහ X (කලින් Twitter) වැනි වෙබ් අඩවි තහනම් කර තිබෙනවා.

වත්මන් හමුදාධිපති ජෙනරාල් සයිඩ් අසීම් මුනීර් යටතේ තත්ත්වය සැලකිය යුතු ලෙස නරක අතට හැරී ඇතැයි සඳහන්.

විදේශගතව සිටින ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන්ට පවා මර්දනයට සහ නිරන්තර මරණ තර්ජනවලට මුහුණදීමට සිදු ව තිබෙනවා.

Balochistan සහ Khyber Pakhtunkhwa හි ප්‍රාදේශීය වාර්තාකරුවන් රාජ්‍ය අනුග්‍රහය ලබන මර්දනයට විශේෂයෙන් ගොදුරු වනවා.

මාධ්‍ය නිදහසේ භයානක තත්ත්වය ගැන අදහස් දක්වමින්, දේශ සීමා රහිත වාර්තාකරුවන්ගේ (RSF) පාකිස්ථාන නියෝජිත ඉක්බාල් ඛට්ටක්, මෙම වසර මුල දී ප්‍රකාශ කළේ, “ප්‍රකාශනයේ නිදහස සඳහා ඇති අවකාශය හැකිළෙමින් පවතින අතර, [පාකිස්ථානයේ] විසම්මුතිය අපරාධකරණය වෙමින් පවති” බවයි.

පාකිස්ථානයේ මාධ්‍යවේදී ඝාතන පිළිබඳ විමර්ශකයෙකු වන ආදිල් ජාවාඩ් හෙළිදරව් කළේ, මේ වසරේ සාම්ප්‍රදායික මාධ්‍යවේදීන් සහ පුරවැසි වාර්තාකරුවන් සම්බන්ධ සිද්ධීන් හතෙන් අවම වශයෙන් හතරක්වත් “ඔවුන්ගේ කාර්යයන්” මත සිදු වූ ඒවා විය හැකි බවයි.

පකිස්තානයේ මානව හිමිකම් කොමිෂන් සභාව (HRCP) වාර්තා කරන්නේ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දිගු කලක් තිස්සේ පවතින බවත්, පසුගිය වසර 30 තුළ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 97 දෙනෙකු ඝාතනය කර ඇති බවයි.

2011 සිට බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට මාධ්‍යවේදීන් 3,500කට වැඩි පිරිසක් ගොදුරු වූ අදාළ වාර්තාවේ සඳහන්.

The Freedom Network, වාර්තාවට අනුව 2012 සිට 2022 දක්වා කාලය තුළ මාධ්‍යවේදීන් 53 දෙනෙකු ඝාතනය කර ඇති අතර, වැරදිකරුවන්ට දඩුවම් ලබාදී ඇත්තේ සිද්ධීන් දෙකක පමණයි.

ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු හැර බොහෝ වාර්තාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට නීතිමය පිළිසරණක් නැති තරම්.

රාජ්‍ය අනුග්‍රහය ඇති ව පැහැරගෙන යෑම් සහ ඝාතන පිළිබඳ නඩු අධිකරණයට ඉදිරිපත් නොවන්නේ ආරක්ෂක සංස්ථාපිතයන්ගෙන් පළිගැනීමේ බිය නිසායි.

මේ අනුව පකිස්ථානයේ මාධ්‍යවේදීන් ශාරීරික අනතුර පිළිබඳ තර්ජනයකට සහ නීතිමය රැකවරණයක් නොමැතිකමක යන ද්විත්ව තර්ජනයටම මුහුණදෙනවා.

පකිස්ථානයේ මාධ්‍ය නිදහස ශ්‍රේණිගත කිරීම් නරක අතට හැරෙන තත්ත්වය පිළිඹිබු කරනවා.

දේශසීමා රහිත වාර්තාකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ 2023 වසරේ දී පෙර වසරට සාපේක්ෂව තවත් ස්ථාන දෙකක් පහත වැටී ඇති පාකිස්තානය රටවල් 180 කින් 152 වැනි ස්ථානයේ ශ්‍රේණිගතව සිටිනවා.

පකිස්තානය “මාධ්‍යවේදීන් සඳහා ලෝකයේ වඩාත්ම භයානක රටවලින් එකක් බව දර්ශකය විස්තර කළා.

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ කමිටුව (CPJ) එහි 2023 ගෝලීය දණ්ඩමුක්ති දර්ශකයේ 11 වන ස්ථානයට පත් කර ඇති අතර, මාධ්‍යවේදීන් ඝාතකයන්ට නඩු පැවරීම සම්බන්ධයෙන් නරකම වාර්තා ඇති රටවල් එමගින් තක්සේරු කරනවා.

2024 පාකිස්තාන මාධ්‍ය නිදහස වාර්තාව 2023 මැයි සහ 2024 අප්‍රේල් අතර කාලය තුළ මිනීමැරුම්, පහරදීම්, තුවාල, පැහැරගැනීම්, තර්ජන සහ නීතිමය නඩු ඇතුළුව මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය වෘත්තිකයන්ට එරෙහිව සිදු වූ බලපෑම් සිද්ධීන් 104ක් ලේඛනගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Fake Email එකක් ආව ගමන් ඩොලර් මිලියන 2.5ක් යවනවා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17