spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිනකට පැය 04කට පමණක් යුද්ධය නවතියි

දිනකට පැය 04ක කාලයක් උතුරු ගාසා තීරයේ හමුදා මෙහෙයුම් නතර කිරීමට ඊශ්‍රායලය එකඟ වී තිබෙනවා.

ධවල මන්දිරය ප්‍රකාශ කළේ; ඊට ඊශ්‍රායලය මේ වනවිට එකඟ වී ඇති බවයි.

දහස් ගණනකට මරු කැඳවූ සහ කලාපීය ගැටුම් පිළිබඳ භීතිය අවුස්සමින් මාසයකට වැඩි කාලයක් පැවති සටනින් පසු ව විවේකයක් බලාපොරොත්තුවෙනුයි මෙම තීරණයට එළඹීමට ඊශ්‍රායලය එකඟ වී ඇත්තේ.

නමුත් දිනකට පැය 04ක් යුද මෙහෙයුම් නතර කිරීමට ඊශ්‍රායලය එකඟ වුව ද, ගාසා තීරයේ මිලිටරි මෙහෙයුම් මුහුදු වෙරළ තීරයේ සිදු කිරීම්වල නම් නිමාවක් නොමැති බවයි ධවල මන්දිරය අද නිවේදනය කර ඇති බවට රොයිටර්ස් වාර්තා කරන්නේ.

මිනිස් ජීවිත බේරා ගැනීමට සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා මානුෂීය කොරිඩෝ දෙකක් තැබෙන බවත්, ඊට ලැබුණු අවස්ථාවක් ලෙස දිනකට පැය 04 විරාමය හැඳින්විය හැකි බවත් ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි පැවසුවා.

නමුත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු යෝජනා කළේ ඕනෑම විරාමයක් වෙනස් වීමට ගත වන්නේ සුළු වේලාවක් බවත්, නිල විරාමයක් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?