දිට්වා හානි කළ පොළොන්නරුව, මඩකලපුව අතර දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ ඇරඹේ

ගංවතුර තත්වයත් සමඟ හානියට පත් වූ පොළොන්නරුව, මඩකලපුව අතර දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (02) දිනයේ ආරම්භ වුණා.

කිලෝමීටර් දෙකහමාරක පමණ දුරට ගල්ලෑල්ල දුම්රිය ස්ථානයේ සිට මනම්පිටිය දුම්රිය ස්ථානය දක්වා ප්‍රදේශයේ ජල පාරට හසුව දුම්රිය මාර්ගය විනාශ වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කළේ.

සිල්බර කොටන් 667කට වැඩි ප්‍රමාණයක් කැඩී ඇති අතර එම කොටන් ඉවත්කර නව සිල්බර කොටන් සවිකර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මෙලෙස ආරම්හ වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්