දිට්වා නිසා වූ හානිය තක්සේරුවට පැමිණි IMF නියෝජිතයන් ජනපති හමුවෙයි

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

පසුගිය 22 වන දා මෙරටට පැමිණි මෙම නියෝජිත පිරිස දිවයින පුරා සංචාරය කරමින් දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සියැසින් දැක බලා ගත් අතර, එහි බලපෑමට ලක් වූ ජනතාවද හමු වුණා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී සිදු වූ මෙම ව්‍යසනය සහ ඒ හමුවේ මුහුණ දීමට සිදු වූ පීඩාකාරී තත්ත්වය පිළිබඳ මෙහිදී සිය කණගාටුව පළ කළ නියෝජිත පිරිස ව්‍යසනයේ අභියෝග දරා ගනිමින් ජනතාවට සහන සැලසීමට, යටිතල පහසුකම් සංවර්ධනයට සහ ජන ජීවිතය යළි ගොඩනැංවීමට රජය ගත් කඩිනම් පියවර ඇගයීමට ලක් කළ බව මෙම හමුව අසම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ව්‍යසනය හමුවේ රජය කටයුතු කළ අන්දම තමන් සමඟ කතා කළ බොහෝ ජනතාවගේ ඇගයීමට ලක් වූ බවත්, එය රජය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවත් මෙහිදී නියෝජිත පිරිස පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම, පසුගිය වසරේ ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යන ලද ඉහළ මුල්‍ය විනය මෙම අභියෝගයට මුහුණ දීමේදී වැදගත් සාධකයක් වූ බව පෙන්වා දුන් නියෝජිත පිරිස එම කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට රජයට හැකි වූයේ මහා භාණ්ඩාගාරය තුළ මුදල් අතිරික්තයක් පැවතීම නිසා බවත් එය ඉතා අගය කළ යුතු තත්ත්වයක් බවත් සඳහන් කළා.

දරුණු ආපදා තත්ත්වයක් හමුවේ වුවද ශ්‍රී ලංකාව මේ වන විට නිසි ආර්ථික දිශානතියක ගමන් කරමින් සිටින බව පෙන්වා දුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ 06 වන වාරිකය ලබා දීම පිළිබඳ සාකච්ඡා මෙම මාර්තු මාසය වන විට යළි ආරම්භ කරන බවත් පවසා සිටියා.

මෙම ව්‍යසනයෙන් විශාල ලෙස බලපෑමට ලක් වූයේ දරිද්‍රතාවෙන් පෙළෙන ග්‍රාමීය ජනතාව බවත්, ග්‍රාමීය ජන ජීවිතය සමඟ සෘජුව සම්බන්ධ වන යටිතල පහසුකම් සහ ජීවනෝපායමාර්ග විශාල ලෙස බිඳ වැටුණු බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක ග්‍රාමීය ජන ජීවිතය ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවනෝපාමාර්ග යළි සකස් කර දීම වෙනුවෙන් මෙම රුපියල් බිලියන 500ක ප්‍රතිපාදනය වෙන් කළ බවද සඳහන් කළා.

මෙම පියවර කිසිසේත් නිසි මූල්‍ය කළමනාකරණයෙන් බැහැර වී වගකීම් විරහිත ක්‍රමවේදයකට අවතීර්ණ වීමක් නොවන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කෙරෙන ආර්ථික ජයග්‍රහණ සැබෑ ලෙසම සාමාන්‍ය ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම රජයේ අරමුණ බවත්, පාස්කු ප්‍රහාරය, පසුගිය ආර්ථික කඩාවැටීම ඇතුළු තත්ත්ව හමුවේ දීර්ඝකාලයක් තිස්සේ පීඩාවට පත් මෙරට සාමාන්‍ය ජන ජීවිතය ගොඩනැඟීම වෙනුවෙන් රජය ප්‍රමුඛතාව දී තිබෙන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, රජය ඉදිරි වැඩසටහන් සැලසුම් කර ඇත්තේ එම දිශානතිය ඔස්සේ බවත්, ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂා කරන බවත් සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ගිවිසුමෙහි කිසිදු වෙනසක් සිදු නොකර, අඛණ්ඩව ඉදිරියට ගෙන යාමටද මෙහිදී දෙපාර්ශ්වයේ එකඟතාව පළ කෙරුණා.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන ඇතුළු නිලධාරීන් පිරිසක්ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් එහි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Krishna Srinivasan, ආසියා සහ පැසිපික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Sanjaya Panth, දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou, එහි මෙරට නිත්‍ය නියෝජිත Martha woldemichael ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18