දිට්වා නිසා නිවාස අහිමි වූවන් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය විමසා බැලේ

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙළ සහ අවශ්‍ය ඉඩම් වෙන් කර ගැනීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන අයගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට මෙහිදී සෘජුව මැදිහත්වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ ඉතා ඉක්මණින් මෙම නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම ජනාධිපතිවරයාගේ සහ රජයේ අපේක්ෂාව වන අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් පරිදි වෙන් කර තිබෙන බවයි.

නැවත පදිංචි කිරීමේ දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාව කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙන අතර, පෙර නිවස පිහිටි ස්ථානයේම පදිංචි කළ හැකි ජනතාව නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය සිදුකරන අතරතුරම, වෙනත් ස්ථානයක පදිංචි කළයුතු පිරිස් හඳුනාගැනීම සහ ඒ සඳහා අවශ්‍ය ඉඩම් වෙන් කර ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් එක් එක් දිස්ත්‍රික්කවල මේ වන විට තත්ත්වය විමසා බැලීම මෙහිදී සිදු කෙරුණා.

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල නැවත පදිංචි කිරීමේ කටයුතුවලදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා ලබාගැනීමේ දී මතුව ඇති ප්‍රමාදයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, අදාළ ප්‍රදේශවල නිලධාරීන් ප්‍රමාණවත් නොවන්නේ නම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා ලබාදීම අවසන් කළ දිස්ත්‍රික්කවල නිලධාරීන්ගේ සහාය ඒ සඳහා ලබාගනිමින් එම කටයුතු මසක් තුළ අවසන් කිරීමට ද මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දුන්නා.

එමෙන්ම, එම කටයුතු සඳහා වාහන සහ පහසුකම් ලබා ගැනීමේ දී මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා ලබාදීමේ දී අධි අවදානම් කලාප පිළිබඳ වැඩ අවධානයක් යොමු කරමින් ප්‍රමුඛතාව අනුව එම කටයුතු කඩිනමින් අවසන් කිරීමටද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබුවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා පිළිබඳව ජනතාවට මතුව ඇති ගැටලු ඔවුන් සමඟ සාකච්ඡා කර, නිසි අධ්‍යයනයකින් පසු එහි සුරක්ෂිතභාවය තහවුරු කරමින් අදාළ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් වතු ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරිමේ දී මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, වතු සමාගම් සමඟ සාකච්ඡා කර ප්‍රමාණවත් ඉඩම් කොටසක් නිදහස් කර ගැනීමෙන් පසු එම නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වුණා.

ඉඩමක් සමඟ නිවසක් මිලදී ගැනීමට කැමති පිරිස්වලට ඉඩම මිලදී ගැනීමේ දී මතුව ඇති ගැටලු පිළිබදව ද අවධානය යොමු වූ අතර, ජයභූමි වැනි දිමනා පත්‍ර මගින් පවරා දී ඇති ඉඩම්වලට අදාළව මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාව සාකච්ඡාවට ලක් වුණා.

මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වුවන් වෙනුවෙන් රජයෙන් ලබාදෙන රුපියල් 25,000ක දීමනාව, රුපියල් 50,000ක දීමනාව සහ රුපියල් 15,000ක සිසු දීමනාව එය අපේක්ෂා කරන සියලුදෙනා වෙත මේ වන විට සම්පුර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන බව අදාළ දිස්ත්‍රික් ලේකම්වරු මෙහිදී පෙන්වා දුන් අතර, ඇතැම් දිස්ත්‍රික්කවලට අදාළව සංඛ්‍යා ලේඛනවල තිබෙන ගැටලු නිවැරදි කරමින් ඒ පිළිබඳ නිවැරදි දත්ත කඩිනමින් ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නා.

ගිරිඋල්ල නගරය යට වීමෙන් හානි සිදු වූ ව්‍යාපාරික ස්ථානවලට වන්දි ගෙවීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කළා.

ප්‍රාදේශීය සභාව යටතේ වරිපනම් ගෙවන සියලු ව්‍යාපාරික ස්ථාන වෙතද රුපියල් ලක්ෂ 02ක වන්දි මුදල ලබාදීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විසදා ගනිමින් එම වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි
00:42
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි - තුවාලද කියලවත් බලන්නේ නෑනේ ?
00:42
Video thumbnail
පොල්පිති ඇමතිලා රටට ඕනි නෑ - මේ ඇමති සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්ද ?
05:39
Video thumbnail
ඉල්ලා අස්වෙන්න ඕනි නම් ඉස්සෙල්ලම විපක්ෂ නායක අස්වෙන්න - සාර්ථක වුණානම් එයා ඉන්නේ ජනපති පුටුවේ
07:21
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ව මිණීම#වන් කරන්න එපා - තොරතුරු ගන්න බෑ..ඒ ඔෆිස් ගිනි තියලා තියෙන්නේ
05:00