දිට්වා නිසා ආපදාවට පත් ජනතාවට ලබාදෙන 50,000 දීමනාව 70%කට ගෙවා අවසන්

දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි කරවීම සඳහා මුළුතැන්ගෙයි උපකරණ ලබාගැනීම වෙනුවෙන් රජයෙන් ලබාදෙන රුපියල් 50,000 දීමනාව මේ වන විට 70%කට ගෙවා අවසන් කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 25හි පවුල් 156,805ක පිරිසක් මෙම දීමනාව ලබාදීම සඳහා ගණනය කර තිබූ අතර, එයින් පවුල් 109,512කට මේ වන විට එය ගෙවා අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය පවුල් 1,191ක් මෙම දීමනාව ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබූ අතර එම සියලු පවුල් වෙත දීමනාව ලබා දී අවසන් කර තිබෙනවා.

එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 1,253න්, 1,143කට දීමනාව ලබා දී ඇති අතර, එහි ප්‍රගතිය 91%ක්.

මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 8,409න්, 7,083කට දීමනාව ලබා දී ඇති අතර එය 84%ක ප්‍රගතියක්.

ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, වවුනියාව, කිලිනොච්චිය, අම්පාර, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල රුපියල් 50,000 දීමනාව ලබාදීමට ගණනය කළ සියලු පවුල් වෙත එම දීමනාව ලබා දී අවසන් කර තිබෙනවා.

මන්නාරම දිස්ත්‍රික්කයේ රුපියල් 50,000 දීමනාව ලබාදීමේ ප්‍රගතිය 98%ක් වන අතර, මුලතිව් දිස්ත්‍රික්කයේ 99%කට ලබා දී අවසන්.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ 91%කටත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 91%කටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ 84%කට සහ කෑගල්ල දිස්‍ත්‍රික්කයේ 93%කට එම දීමනාව ලබාදී අවසන් කර තිබෙනවා.

එමෙන්ම ආපදාවෙන් පසු නිවාස පවිත්‍ර කරගැනීම සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 25,000ක දීමනාව ගෙවා අවසන් කිරීමේ සමස්ථ ප්‍රගතිය 97%ක්.

දිස්ත්‍රික්ක 25හි පවුල් 435,104ක් මෙම දීමනාව ලබාගැනීම වෙනුවෙන් සුදුසුකම් ලබා තිබූ අතර, එයින් පවුල් 422,900කට මේ වන විට දීමනාව ලබාදීම අවසන් කර ඇති බව සඳහන්.

ඒ, අනුව කළුතර, නුවරඑළිය, ගාල්ල, හම්බන්තොට, කිලිනොච්චිය, අම්පාර, බදුල්ල, මොණරාගල දිස්ත්‍රික්කවල සුදුසුකම් ලැබූ සියලු පවුල් වෙත එම දීමනාව සම්පුර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙනවා.

රුපියල් 25,000 දීමනාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ගෙවීමේ ප්‍රගතිය 99%ක්.

මාතලේ දිස්ත්‍රික්කයේ 95%කටත්, යාපනය දිස්ත්‍රික්කයේ 88%කටත්, මන්නාරම දිස්ත්‍රික්කයේ 94%කටත්, වවුනියාව දිස්ත්‍රික්කයේ 99%කටත්, මුලතිව් දිස්ත්‍රික්කයේ 98%කටත්, මඩකලපුව දිස්ත්‍රික්කයේ 98%කටත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 98%කට, කුරුණෑගල 98%කට, පුත්තලම 97%කට, අනුරාධපුර 98%කට, පොළොන්නරුව 97%කට, රත්නපුර 99%කට, කෑගල්ල 90%කට රුපියල් 25,000 දීමනාව මේ වන විට ගෙවා අවසන් කර තිබෙනවා.

එමෙන්ම ආපදාවෙන් පීඩාවට පත් පවුල්වල පාසල් සිසුන් වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 15,000ක දීමනාව ගණනය කළ පිරිසෙන් 73%කට මේ වන විට ගෙවා අවසන් කර තිබෙනවා.

තවද ජනාධිපති අරමුදලින් ලබා දෙන රුපියල් 10,000ක දීමනාව ලබා දීමේ කටයුතු ද මේ දිනවල සිදුවනවා.

රුපියල් 15,000ක දීමනාව ලබාදීම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25හි සිසුන් 186,893ක් තෝරාගෙන තිබූ අතර එයින් සිසුන් 136,994කට මේ වන විට දීමනාව ගෙවා අවසන්.

ඒ, අනුව ඉතිරි පිරිස් වෙනුවෙන් ද කඩිනමින් අදාළ දීමනා ගෙවා අවසන් කිරීමට රජය කටයුතු කරමින් සිටින අතර, ඒ වෙනුවෙන් වූ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කර තිබෙනවා.

තවද, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට පත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කර්මාන්ත හිමිකරුවන් 6370ක්‌ සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට සත්‍යාපනය කරගෙන තිබෙන අතර, රුපියල් 200,000ක් බැගින් වූ එක් වරක් පමණක් ගෙවනු ලබන දීමනාව අයදුම්කරුවන් 5034 ක් වෙත ගෙවීම සඳහා රුපියල් 1,006,800,000 ප්‍රතිපාදන අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබා දී තිබෙනවා.

‘Rebuilding Sri Lanka’ යටතේ ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස සඳහා වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහන පසුගිය ජනවාරි 09 වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කෙරුණා.

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වු පුද්ගලයන්ට නිවාස ඉදිකර දීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ ආපදාවෙන් පූර්ණ ලෙස නිවාස අහිමි වූ නැවත එම ස්ථානයේම නිවාස ඉදිකළ හැකි පවුල් වෙනුවෙන් නිවාස ඉදිකරදීම සිදු කෙරෙන අතර එක් නිවසක් වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 50ක්.

එමෙන්ම ආපදාවෙන් නිවාස අහිමි වූ එම ස්ථානයේ නැවත පදිංචිවීම සුදුසු නොවන බවට නිර්දේශ කළ පවුල් වෙනුවෙන් නිවාස ඉදිකරදීම සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීමේ කටයුතුද මේ වන විට රජය ආරම්භ කර තිබෙනවා.

මේ අතර යුද්ධයෙන් අවතැන්වූ උතුරු සහ නැගෙනහිර පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස 2,500ක් ඉදිකිරීම ඇතුළුව රට පුරා නව නිවාස 31,218 ක් ඉදිකිරීමේ ‘තමන්ගෙම තැනක්-ලස්සන ජීවිතයක්’ ජාතික නිවාස වැඩසටහන ද මීට සමගාමීව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා යාපනයේ දී ආරම්භ කෙරුණා.

වගා හානි සඳහා ගොවි ජනතාවට වන්දි මුදල් නිදහස් කිරීමද මේ වන විට කාර්යක්ෂම සිදු වන අතර, විනාශ වූ සත්ව ගොවිපොළ පිළිබඳව නිසි දත්ත රැස් කරමින් ඒ වෙනුවෙන් ලබා දිය යුතු වන්දි මුදල් ගණනය කිරීම සිදුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18