spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දෑත් අහිමි වූ චිත්‍ර ශිල්පියෙකුට කාන්තාවකගේ දෑත් බද්ධ කරයි

දුම්රිය අනතුරකින් දෑත් අහිමි වූ 45 හැවිරිදි චිත්‍ර ශිල්පියෙකුට කාන්තාවකගේ දෑත් බද්ධ කිරීමේ සැත්කමක් පිළිබඳව ඉන්දියාවේ දිල්ලියෙන් වාර්තා වනවා.

දිල්ලියේ ප්‍රධාන රෝහලකදී මෙම සුවිශේෂී සැත්කම සිදුකර ඇති අතර සිය ශරීරාංග පරිත්‍යාග කළ කාන්තාවක් නිසාවෙන් එම පුද්ගලයාට පසුගිය දිනක යළි දෑත් හිමිවිය.

මෙම සැත්කම සිදු කිරීමට පැය 12ක් ගතවී ඇති අතර දිල්ලියේදී වෙනත් අයෙකුගේ දෑත් සාර්ථක ලෙස බද්ධ කිරීමේ ප්‍රථම සැත්කම මෙය බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

එම සිය ශරීරාංග පරිත්‍යාග කළ කාන්තාවගේ වකුගඩු, අක්මාව සහ අක්ෂි කොටස් තවත් පුද්ගලයින් තිදෙනෙකු වෙත බද්ධ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
0
+1
4
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?