දැවැන්ත ගින්නකින් වෙළෙඳසැලක් අළු වෙයි

පිළියන්දල – කොළඹ මාර්ගයේ බෝකුන්දර හන්දිය ආසන්නයේ ලී වෙළඳසැලක අද (04) අලුයම ඇති වූ ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, අද අලුයම 05.30ට පමණ පිළියන්දල පොලිසියට සහ මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයට මෙම වෙළඳසැලේ ගින්නක් හටගන්නා බවට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගොස් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කිරීමේදී ගින්න එන්න එන්නම වැඩිවීම හේතුවෙන් දෙහිවල – ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්ගේ සහාය ද ලබා ගැනීම සඳහා ඔවුන් කැඳවීමට පියවර ගත් බවයි.

එම ස්ථානයට මොරටුව සහ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බවුසර් ඇතුළු ගිනි නිවීමේ රථ 08කට ආසන්න ප්‍රමාණයක් සමගම ගිනි නිවීමේ නිලධාරීන් 20කට ආසන්න ප්‍රමාණයක් පැමිණ පුරා පැය දෙකකට ආසන්න කාලයක් දැඩි වෙහෙසක් දරා ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට කටයුතු කළා.

ඒ වනවිටත් වෙළඳසැලේ 90%කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ගින්නත් සමගම පිළියන්දල කොළඹ මාර්ගය දැඩි රථ වාහන තදබදයකට ලක් වූ අතර පිළියන්දල පොලිසියේ රථවාහන අංශය මගින් කොළඹට ගමන් ගන්නා මංතීරුව සම්පූර්ණයෙන්ම තාවකාලිකව වසා දමා කොළඹට ගමන් ගන්නා වාහන ප්‍රතිවිරුද්ධ මංතීරුව ඔස්සේ ධාවනය කරවීමට අවශ්‍ය කටයුතු සැලසුවා.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බවටයි පොලිසිය සැක පළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23