දැරියකට හදි කළ ඥාතීයා අත්අඩංගුවට

දොලොස් හැවිරිදි දැරියක් ගැබිනියක් බවට පත්කල පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය පවසනවා.

ත්‍රිකුණාමලය රෝහල් පොලීසිය විසින් සිදුකරණ ලද දැනුම්දීමකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හොරොව්පොතාන නගරයේ හෝටලයක වේටර් වරයෙකු ලෙස සිටි හතලිස් හය හැවිරිදි එක්දරු පියෙක්.

ඔහු ඥාතීත්වයෙන් දැරියගේ ලොකු තාත්තා වන බවත් මීට මාස හයකට පෙර සැකකරු සිය නිවසේදී දැරිය දූෂණයට ලක් කර ඇති බවත් පොලිසිය අනාවරණය කරගනු ලැබුවා.

තුන් හැවිරිදි වියේ සිට පැවිදි දිවියට ඇතුළත්ව සිල්මාතාවක්ව සිට ඇති මෙම දැරිය සිවුරු අත් හැර මීට මාස හයකට පෙර සැකකරුගේ නිවසට පැමිණ සතියක පමණ කාලයක් රැඳී සිට ඇත්තේ එකවරම සිය නිවසට යෑමට ඇති අකමැත්ත නිසයි.

දින කිහිපයකට ඉහත දී උදරාබාධයක් බව පවසමින් මව්පියන් විසින් දැරිය ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී කළ වෛද්‍ය පරීක්ෂණ වලදී ඇය මාස හයක ගැබිනියක් බවට තහවුරු වී තිබෙනවා.

සැකකරු කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08