spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දැයේ දූ දරුවන්ට පාර්ලිමේන්තුවෙන් ළමා කෘතියක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් ප්‍රකාශිත “පුංචි දූපතේ කුරුලු කතන්දරය” ළමා කෘතිය, ‌ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) කොළඹ මහජන පුස්තකාලයේ, ළමා අංශයේදී එළි දැක්විණි.

අනාගත නායකත්වයට සූදානම් වන දැයේ දරුවන් තුළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳව සරල බසින් රසවින්දනාත්මක්මකව පැහැදිලි කෙරෙන මෙම ළමා කෘතිය සිංහල, දමිල සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම පළ කර ඇත.

මෙහිදී අදහස් දක්වමින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා පැවසුවේ විභාග පමණක් ඉලක්ක කරගත් අධ්‍යාපනය වෙනුවට දරුවන්ට තම පරිසරය වටපිටාව හා දේශපාලනය පිළිබද මූලික අදහසක් රසවින්දනාත්මකව කුඩා කළ සිටම ලබා දිය යුතු බවයි. ඒ අරමුණ සහිතව රචිත මෙම කෘතිය සදහා දායකවූ සියලු දෙනාට සිය ස්තූතිය ද පළ කරන බව කථානායකවරයා සදහන් කළේය.

ශ්‍රී ලාංකේය ළමා පරපුර තුළ පාර්ලිමේන්තුව පිළිබඳ අවබෝධයක් ඇතිකරලීම වෙනුවෙන් මෙවන් සාහිත්‍යමය නිර්මාණයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මුද්‍රණයෙන් එළිදැක්වූයේ ඉතිහාසයේ ප්‍රථම වරටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?