දැයේ දූ දරුවන්ට පාර්ලිමේන්තුවෙන් ළමා කෘතියක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් ප්‍රකාශිත “පුංචි දූපතේ කුරුලු කතන්දරය” ළමා කෘතිය, ‌ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) කොළඹ මහජන පුස්තකාලයේ, ළමා අංශයේදී එළි දැක්විණි.

අනාගත නායකත්වයට සූදානම් වන දැයේ දරුවන් තුළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳව සරල බසින් රසවින්දනාත්මක්මකව පැහැදිලි කෙරෙන මෙම ළමා කෘතිය සිංහල, දමිල සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම පළ කර ඇත.

මෙහිදී අදහස් දක්වමින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා පැවසුවේ විභාග පමණක් ඉලක්ක කරගත් අධ්‍යාපනය වෙනුවට දරුවන්ට තම පරිසරය වටපිටාව හා දේශපාලනය පිළිබද මූලික අදහසක් රසවින්දනාත්මකව කුඩා කළ සිටම ලබා දිය යුතු බවයි. ඒ අරමුණ සහිතව රචිත මෙම කෘතිය සදහා දායකවූ සියලු දෙනාට සිය ස්තූතිය ද පළ කරන බව කථානායකවරයා සදහන් කළේය.

ශ්‍රී ලාංකේය ළමා පරපුර තුළ පාර්ලිමේන්තුව පිළිබඳ අවබෝධයක් ඇතිකරලීම වෙනුවෙන් මෙවන් සාහිත්‍යමය නිර්මාණයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මුද්‍රණයෙන් එළිදැක්වූයේ ඉතිහාසයේ ප්‍රථම වරටය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03