spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දැදුරු ඔයට තරුණයෙක් බිළි

දැදුරු ඔයේ දියනෑමට ගිය තරුණයෙක් දියේ ගිලී මිය ගොස් ඇති බව හලාවත පොලිසිය පවසනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පානදුර – විජය මාවතේ පදිංචිව සිටි හොරණගේ චතුර කුමාර ප්‍රනාන්දු නැමැති 26 හැවිරිදි තරුණයෙක්.

මෙම තරුණයා ඇතුළු 18 දෙනෙකු පසුගිය 03 වැනිදා පොහොන් උත්සවය සහභාගී වීම සදහා අනුරාධපුරයට ගොස් ඇති අතර, ඊයේ (05) සවස ඔවුන් අනුරාධපුරයේ සිට ආපසු යමින් සිටින අතර තුර හලාවත – දැදුරු ඔයේ දිය නෑමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී මෙම තරුණයා දියේ ගිලී ඇති බවයි වාර්තා වුණේ.

දියේ ගිලී අනතුරට පත් තරුණයා එම ස්ථානයේ සිටි පිරිසක් විසින් ගොඩට ගෙන ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඒ, වනවිටත් එම තරුණයා මිය ගොස් ඇති අතර, මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණා.
.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?